Skip to main content

76 ව්‍යවස්ථාවෙන් හිමි ව්‍යවස්ථාදායක බලය, 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග පාර්ලිමේන්තුවට අත්හැරීමට සිදුවී ඇති ආකාරය...!

76 ව්‍යවස්ථාවෙන් හිමි ව්‍යවස්ථාදායක බලය, 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග පාර්ලිමේන්තුවට අත්හැරීමට සිදුවී ඇති ආකාරය...! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.20)
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මුල් වූ නීති විශාරදයන් කිහිප දෙනෙක් රටෙන් යන්නට ගියේය. එක් අයෙක් ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔවුන් එසේ රට හැරදා යාම ලියුම්කරු හදුනාගත්තේ 2015 දී 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සවරූපය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් එළිදරව් කරගෙන එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ අයට දඩුවම් කළහොත් ඉන් ගැලවී යාමට පූර්ව සැළසුමක් අනුව ක්‍රියා කිරීමක් ලෙසය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එකී තීරණයේ දැක්වෙන ආකාරයට වගන්ති 4කට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 4කට ජනමතය විමසීම අවශ්‍ය බවට වන කථානායක තීරණය අනුව එහි 3 වන වගන්තිය (33වන ව්‍යවස්ථාව) 5 වන වගන්තිය (35වන ව්‍යවස්ථාව) 14 වන වගන්තිය (70වන ව්‍යවස්ථාව) සහ 22 වන වගන්තිය (104වන ව්‍යවස්ථාව) සම්බන්ධ විධිවිධාන නීතියක් කර ගැනීමට ජනමතවිමසුමක්ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 20 වගන්ති 4ක් නීතියක් වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ඡන්දයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබීම වර්තමාන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නීති උපදෙස් දෙන නීති විශාරදයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව පිළිබද දැනුමක් සහ අවබෝධයක් නැත්තේ යැයි කිව නොහැක. 76 වන ව්‍යවස්ථාව කියන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව අත්නොහල යුතු බවකි. 20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදුකළ ව්‍යවස්ථා 4 ක සංශෝධන නැවත මුල් තත්ත්වයට ගෙන ඒමට (Counter Ammendment) ජනමතවිචාරණයක් පැවැත්විය යුතු වුවත් එය විය නොහැක්කේ අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වී සිටියදී 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කිරීමට ලබා දුන් තීරණය අනුව වත්මන් කථානායකවරයා විසින්ද පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබිය හැකි හෙයිනි. ඒ මන්ද යත් 2015 තිබූ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සම්මතකරගෙන 80.1 ව්‍යවස්ථාව අනුව එවකට සිටි කථානායකවරයාගේ සහතිකය ලබා ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථා 4ක් නැවත සංශෝධනය කිරීමට එනම් ප්‍රති සංශෝධනය ( Counter Ammendment) කිරීමට වත්මන් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයත්, ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වීමත්, එය නීතියක් වන්නේ 80.2 ව්‍යවස්ථාව අනුව වීමත් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් එකිනෙකට පටහැනි තත්ත්වයක් ඇති කරන හෙයිනි. වත්මන් පාර්ලිමේන්තුවට 2015 පාර්ලිමේන්තුව 2/3න් කළ දේ ආපසු කිරීමට ජනමතවිචාරණයකටත් යායුතු වන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය එදා පාර්ලිමේන්තුවට වඩා හීනවීමක් සිදුවී ඇත. අඩුවීමක් සිදුවී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයකි. වර්ෂ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නැවත සංශෝධනය (Counter Ammendment) කිරීමට එනම් පෙර තත්ත්වයට ගෙන ඒම සඳහා 2020 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ට අමතරව ජනමතවිචාරණයකටද යාමට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලයේ අහිමිවී යාමක්වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට පටහැනිව වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් සහ අන්සතු කිරීමක් බවද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වන සහ 74 වන ව්‍යවස්ථාවලට පටහැනි බවත්, 2015 දී පාර්ලිමේන්තුව කළ දේ නැවත මුල් තත්ත්වයට ගෙන ඒමෙන් 2020 පාර්ලිමේන්තුව ජනමතවිචාරණයක් පැවැත්වීම දක්වා වැළැක්වීමක් බවත්, එනම් 2/3 කින් සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉවත් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කිරීමක්ද සිවුවේ. 2015 තිබූ පාර්ලිමේන්තුව 2/3 කින් සංශෝධනය කරගත් ව්‍යවස්ථා 4ක් 2020 පාර්ලිමේන්තුව විසින් නැවත මුල් තත්ත්වයට පත් කිරීමට යාමේදී පාර්ලිමේන්තුවේ 2/3 ට අමතරව ජනමතවිචාරණයක් නියම කිරීම සම්බන්ධයෙන් වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුනන් කෙසේ කටයුතු කරනු ඇත්ද? යන්න තීරණය කිරීමට තවම කල් වැඩිය. කෙසේ වෙතත් අනුර බණ්ඩාරනායක මහතා අද පාර්ලිමේන්තුවේ කථානායකවරයා ව සිටියේ නම් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කිරීමට කරනු ඇත්තේ, එදා එනම් 2015 දී 19 යට එවකට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ වැරදියට බවත්, 19යට පාර්ලිමේන්තුවේ 2/3කින් අනුමැතිය ලැබූ පමණින් 80.1 ව්‍යවස්ථාව අනුව කථානායකවරයාට සහතිකය යෙදිය නොහැකි බවත්, ජනමතවිචාරණයක් යායුතුව ඇති ව්‍යවස්ථා 4ක් සහිත 19යට 80.1 ව්‍යවස්ථාව අනුව එවකට කථානායකවරයා සහතිකය යෙදීම වැරදි බවත්, කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ 2/3 ලබීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව සටහන තබා 85 ව්‍යවස්ථාව අනුව 19යට ජනමතවිචාරණයක් තබා ජනතාව විසින් 19යට ජනතාවගේ අනුමැතිය ලැබුණොත් 80.2 ව්‍යවස්ථාව අනුව සහතිකය යෙදීමට ජනාධිපතිවරයාට එකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යොමු කිරීම කළ යුතුව තිබූ බව ප්‍රකාශ කිරීමයි. එවිට සිදුවන්නේ 2015 දී වැරදි ලෙස කථානායකවරයා සහතිකය යොදා ඇති බවට පාර්ලිමේන්තුව විසින් නෛතික පිළිගැනීම ලැබීමෙන් 19ය පනත් කෙටුම්පතක් (Bill) බවට එසැනින් පත් වී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ පාලනය ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවීමයි. 19 යට ඇලුම්කරන අයට කළ හැකි වන්නේ ජනමතවිචාරණයක් පවත්වා 19යට ජනාධිපතිවරයාගේ සහතිකය ලබාගෙන 80.2 ව්‍යවස්ථාව අනුව 19 ය නීතියක් කර ගැනීමය. මෙසේ විය හැකි බව දැනගත් හෙයින් 19යේ සැළසුම්කරුවෝ මේ වනවිටත් රටෙන් පලාගොස් තිබෙන්නට ඉඩ ඇති අතර ( දැනටමත් ඇතැම් නීති විශාරදයන් රට හැර ගොස් ඇත) 2015 දී 19 ය වැරදි ලෙස නීතියක් ලෙස පවත්වාගෙන ගිය අය සම්බන්ධයෙන් කළ කුමන්ත්‍රණ අදාලව නීතිය ක්‍රියාත්මක කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතියේ පාලනයට දක්වන කැමැත්ත මත තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් මෙම ලියුම්කරු ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුවේ ක්‍රියාකාරීන්ගේ හැසිරීම අනුව පෙනී යන්නේ දැනටමත් එළිදරව්වී ඇති 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සහ එකී කුමන්ත්‍රණකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ක්‍රියා කිරීමට සූදානම් බව නොව එකී කුමන්ත්‍රණය යටපත්වන ආකාරයට ක්‍රියා කරමින් එකී කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරන ආකාරයට 20 ඉදිරියට ගෙනගොස් 19 යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය වැසීමට උත්සාහ ගන්නා බවකි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 76 වන ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදුවන තත්ත්වයට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට කටයුතු කිරීමට සිදුවීමයි. මේ ආණ්ඩුවේ නීති විශාරදයන් එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් ගේ හිතවතුන් විය හැකිය. එකට නඩුවලට පෙනී සිටියා විය හැකිය, එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව පිළිබදව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සහ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාව දැනුවත් කිරීමේ යුතුකමක්, ව්‍යවස්ථාපිත සදාචාරයක් ඔවුන්ට ඇත. එමෙන්ම හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය සහ ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරය පිළිබද වත්මන් ජනාධිපතිවරයාව සහ කථානායකවරයාව දැනුවත් කිරීමේ වගකීමක් ඇත. එසේ ක්‍රියා නොකර 20 තව දුරටත් ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවේ නීති විශාරදයන් සහ ජාතික සංවිධානවල කිහිප දෙනෙකු විසින් ඉඩ දීමෙන් පෙනී යන්නේ 19 ය මෙන්ම 20 දෙකම කෙටුම්පත් වී ඇත්තේ මෙරටින් නොව විදේශීය න්‍යාය පත්‍රයකට අනුවම විය හැකි බවයි. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් රටේ විශාල බලයක් සහ අධිකාරයක් දරන හෙයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද, 2/3 ආණ්ඩුවද 19 ය සහ 20 උගුලේ හසුවී සිටිනවා විය හැක. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සදහා 19 යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එළිදරව් කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇත. එය 20න් වැසීමට ඉඩ දිය නොහැකිය. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදයක බලය අත්හැරීමට ඉඩ දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීමට පුරවැසියන්ට ඇති යුතුකමෙන් බැහැර යාමකි. arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...