Skip to main content

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...!

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.15) arunaunawatuna@gmail.com
අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමෙ නව ප්‍රවණතාවය අධිකරණ ඇමති රටටම උගන්වමින් සිටින අවස්ථාවක 19-20 සංශෝධන, අධිකරණ ඇමති, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව පිළිබද මේ කෙටි සටහන තබමි. ඇමතිවරු තමන්ගේ පුද්ගලික විශ්වාස ක්‍රියාත්මක කිරීමට ඇමති ධූර භාවිත කරමින් සිටින අතර වෙනත් දේ මෙන්ම ඇමතිවරුන්ගේ සාමූහිකව වගකීමද නීතියට සීමා වී ඇත. 19 යේදී 2/3 න් කළ සංශෝධන නැවත ප්‍රතිසංශෝධනය කරන්න 20 න් බැරි වීම ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. 2015 දී 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,35,70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 න් සංශෝධනය කරගත් බවත් එකී සංශෝධන 2020 දී පාර්ලිමේන්තුවට ප්‍රතිසංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිහඩය. ගෝඨාභය ජනාධිපති 2/3 න් කරගන්න බලාපොරොත්තු වූ 20 ඒ අකාරයෙන් 2/3 න් කරගන්න බැරි වුණේ ඇයි කියා විමසන්න කෙනෙක් හොයා ගන්නනට නැත. (76.1 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිකර දි ඇති ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අත්හරින්න සිද්ධ වුණා) 78.3 ව්‍යවස්ථාවට පටහැනිව ඇමති සංඛ්‍යාව වැඩි කරන ජාතික ආණ්ඩුව පිහිටුවන සංශෝධනය කාරක සභා අවස්ථාවේ දි 20ට ඉංග්‍රීසියෙන් සංශෝධන ගෙනවිත් ඇතුලත් කර ගත්ත. 19 යෙන් ගෙනා ඇමති සංඛ්‍යාව වැඩි කරන්නා ජාතික ආණ්ඩු ව්‍යවස්ථාව 20 දීත් කාරක සභා අවස්ථාවේ ගෙන ඒමට ප්‍රජාතන්ත්‍රවාදීයෝ සූක්ෂමව වූහ. 20 ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරගන්න සිංහලයන්ට ශක්තිය නැති බව ඔප්පු විය. සිංහල භාෂාවට ප්‍රජාතන්ත්‍රවාදීයෝ කුඩම්මාගේ සැලකිල්ල දැක්වූහ. ආසාදිතව මිය ගිය අයෙකුගේ දේහයකින් කෝවිඩ් - 19 වෛරසය ඉවත්වෙන්න දින..සති..මාස..අවුරුදු කීයක් යනවද? කියල කියන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකිව තිබියදී කොළඹ නියෝජිත හානා සිංගර් කෝවිඩ් සිරුරු භූමදානය සම්බන්ධයෙන් අගමැතිකරයාට, විදේශ ඇමතිවරයාට, සෞඛ්‍යය ඇමතිවරයාට සහ අධිකරණ ඇමතිවරයාට ලිපියක් එවා ඇත. ඒ ලිපිය 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට රජය සහ සෞඛ්‍යය අංශ පෙළඹවීමක් පමණක් නොව රටේ ස්වාධිපත්‍යයට අත පෙවීමක් ද වේ. විශ්වාසය සහ අවිශ්වාසය අතර හෝ විශ්වසය සහ විශ්වාසය අතර හෝ අවිශ්වාසය සහ අවිශ්වාසය අතර වෙනස්කමකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වාසය කවර පැත්තක් ගනීවිද යන්න විනිශ්චය කිරීමේදී 9 වැනි ව්‍යවස්ථාව තීරණාත්මක වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වාසය නීතිමය විශ්වාසය ද? අධිකරණ ඇමතිවරයා මෙන් පුද්ගලික විශ්වාසය ද යන්න කීමට තවම කල් වැඩිය. 9 වැනි ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය අතර ඇති වෙනස මෙහිදී සාකච්ඡාවට ලක කළ යුතු වේ. පුද්ගලිකත්වය සහ බලය සහ අධිපතීත්වය ප්‍රමුඛස්ථානය ගන්නා රටක, 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය" යන්නට පිළිගැනීමක් ලැබේවිද? යන්න බුද්ධියෙන් විමසීම හිත සුව පිණිස වේ.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...