Skip to main content

20 සමග ඇති අනතුරු 4 හදුනාගෙන විධිමත්ව සහ ව්‍යවස්ථානූකූලව ඒවා විසදා ගැනීමට කටයුතු නොකළහොත් රට වැටෙන්නේ 1815 උඩරට ගිවිසුමටත් වඩා හිරවෙන උගුලකටය.

20 සමග ඇති අනතුරු 4 හදුනාගෙන විධිමත්ව සහ ව්‍යවස්ථානූකූලව ඒවා විසදා ගැනීමට කටයුතු නොකළහොත් රට වැටෙන්නේ 1815 උඩරට ගිවිසුමටත් වඩා හිරවෙන උගුලකටය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.01)
අද ලංකාවේ සෞඛ්‍යය අනතුරක් ඇත. ඒ කෝවිඩ් 19 අනතුරයි. මුල් වරට කෝවිඩ් 19 අනතුර 2020 පෙබරවාරිවලදී පැමිණි සමයේ රටේම ඇදිරි නීතිය දමා මැනවින් එය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය සමත් විය. මුල් වරට පැමිණි කෝවිඩ් 19 අනතුර පාලනය කිරීමත් සමග රට යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අතර රටේ ජනතාව සිය එදිනෙදා ජීවිතය සුපුරුදු පරිදි ගෙන යාම ආරම්භ කරනු ලැබීය. ඒ සමගම විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණද පවත්වනු ලැබූ අතර රජය විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද පාර්ලිමේන්තුවට ගෙනවිත් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරගත් බව වාර්තා වී ඇත. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් වීමත් සමගම කෝවිඩ් -19 දෙවන රැල්ලක් පටන් ගත්තේය. කෝවිඩ් -19 දෙවන රැල්ල හේතුවෙන් අගනුවර නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබියදී වුවත්, මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු කාරණා අවසන් වී ඇති බවත්, 20ට තමන්ගේ සහතිකය යෙදූ බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත. ඒ අනුව අද රටේ ජනතාවට එකවර අනතුරු 4කට මුහුණ දීමට සිදු වී ඇත. කෝවිඩ් 19 සෞඛ්‍යය අනතුර එක පැත්තකින්...,76 ව්‍යවස්ථාවට පටහැනිව 20 ගෙන ඒම තව පැත්තකින්...,13 ඉවත් කරන්න ජනමතය අවශ්‍ය වීම තව පැත්තකින්..., බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් 2/3 කින් අහිමි වෙන්නට යාම තව පැත්තකින්... මැයෙන් මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කරන්නේ මේ වන විට මුහුණ දී ඇති අනතුරු 4ක් පිළිබදව ජනතාවගේ අවධානයට යොමු කිරීමටය. (අනතුර 01) කෝවිඩ් 19 සෞඛ්‍යය අනතුර එක පැත්තකින්..., මේ වන විට බස්නාහිර පළාතේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කෝවිඩ් -19 ආසාදිතයන් හමුවෙමින් තිබේ. කෝවිඩ් -19 ගෝලීය ව්‍යසනයක් හෙයින් මෙයට ජාත්‍යන්තර ප්‍රජාව විසින්ද පිළියම් සෙවිය යුතුව ඇත. රටක් ලෙස කටයුතු කිරීමේදී රටේ ඇති සීමිත සම්පත් සහ පහසුකම් පරිපාලනය කිරීමේදී කෝවිඩ් 19 සෞඛ්‍ය ප්‍රශ්නය කළමනාකරණය කිරීමට විනිවිද භාවයෙන්, අවංකව කටයුතු නොකළොහොත් ජනතාවට විශාල වශයෙන් ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය හැකිය. විවෘත ආර්ථිකය සමග දේශීය නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ජාත්‍යන්තර වෙළෙදාම සහ ගණුදෙනු වෙනුවෙන් පසුගිය රජයන් ප්‍රමුඛස්ථානය දීම සිදු විය. කෝවිඩ් -19 ගෝලීය සෞඛ්‍යය ව්‍යසනය හේතුවෙන් විවෘත ආර්ථිකයට දැඩි හානියක් වී ඇති බව පිළිගත යුතුය. ලෝකයේ සෑම රටකම කෝවිඩ් -19 සෞඛ්‍යය ව්‍යසනය පැතිර ගොස් ඇති හෙයින් මුදල් යහමින් ඇති අයටවත් විදේශ ගතවී මේ උවදුරෙන් මිදීමේ හැකියාව අහිමි කර තිබේ. කෝවිඩ් 19 සෞඛ්‍යය ව්‍යසනය වැඩිම හානිය සිදුකර ඇත්තේ ජාත්‍යන්තර වෙළෙදාමට, ජාත්‍යන්තර අධ්‍යාපනට, ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර ගමනා ගමන කටයුතුවලට ය. ජාත්‍යන්තර වෙළෙදාමට, ජාත්‍යන්තර අධ්‍යාපනයට, ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර ගමනා ගමන කටයුතුවලට කෝවිඩ්-19 මගින් සිදුකර ඇති අනතුර තව කොතෙක් කාලයක් පවතින්න්නේද? යන්න කීමටද හැකියාවක් නැත. මෙය තීරණය වන්නේ කෝවිඩ් -19 සෞඛ්‍යය ව්‍යසනය පාලනය කිරීමට ගෝලීයව හැකියාව ලැබීමෙන් පමණි. කෝවිඩ්- 19 පාලනය කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමයේ උපයෝගීතාවය පිළිබදව අත්හදා බැලීම් කිරීමෙන් ජාත්‍යන්තරව සියලු රටවල් කෝවිඩ් -19 පාලනය කිරීමට ගන්නා උත්සාහයට සහාය දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇත. (අනතුර 02) 76 ව්‍යවස්ථාවට පටහැනිව 20 ගෙන ඒම තව පැත්තකින්... 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එවකට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ එම සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරවය. එය සනාථ වූයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2020.10.20 දින පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයත් සමගය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයක් සහ ජනමතවිචාරණයකින්ද ජනතාවගේ අනුමැතිය ලැබීමට අවශ්‍ය බව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඒ අනුව පැහැදිලි වන්නේ 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත කරගෙන තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා එනම් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ පාර්ලිමේන්තුවට නොහැකි වූ බවයි. එමගින් පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට හිමි කර දී ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට 2020 පාර්ලිමේන්තුවට සිදුවී ඇති බවත්, 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා 2/3න් සිදුකළ ව්‍යවස්ථා සංශෝධන, ප්‍රති සංශෝධනය කිරීමට / නැවත යථාතත්ත්වයට පත්කිරීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට 2020 දී 2/3 න් කිරීමට නොහැකි බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට සිදුවී ඇති අනතුරද ජනතාව ඉදිරියේ ඇත. (3 වන අනතුර) 13 ඉවත් කරන්න ජනමතය අවශ්‍ය වීම තව පැත්තකින්... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් සංශෝධනය කරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණි. එසේ වුවත් 2020 දී එකී ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීමට එනම් පෙර තත්ත්වයට ගෙනයාමට 2020 පාර්ලිමේන්තුවට 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් නොහැකි වූ අතර ඒ සදහා ජනමතවිචාරණයක අවශ්‍යතාවද නිර්මාණය කෙරී ඇත. 2020.10.20 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන 20ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශ කිරීමෙන් දක්වන්නේ එයයි. ඒ අනුව 19 ය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා වලට පාර්ලිමේන්තුව 2/3 න් සිදුකළ සංශෝධන ඉවත් කිරීමට ජනමතවිචාරණයක් ද නියම වීමෙන් 1988 පාර්ලිමේන්තුව විසින් 2/3 න් පනවාගත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යවන තත්ත්වය තේරුම් ගැනීමට පාසල් ශිෂ්‍යයෙකුට වුවත් අසීරු නොවේ. මන්ද මේ වන විටත් පළාත් සභා මැතිවරණයට ජනතාවගේ පරමාධිපත්‍යය බලය ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4(ඉ) ව්‍යවස්ථාවලට පළාත් සභා මැතිවරණය ඇතුල් කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගැනීමට ජනාධිපති නීති විශාරදයන් ක්‍රියා කර තිබීමයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න ජනමතය අවශ්‍ය වීමේ අනතුරද ජනතාව ඉදිරියේ ඇත. (4 වන අනතුර) බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් 2/3 කින් අහිමි වෙන්නට යාමේ අනතුර... ජනමතවිචාරණයකට යා යුතු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් 19ය මගින් සංශෝධනය කරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණි. එකී ව්‍යවස්ථා නැවත ප්‍රති සංශෝධනය කිරීමට 20 මගින් 2/3 න් කරන්නට ගිය අවස්ථාවේ එය කිරීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කරනු ලැබුවේය. එනම් ජනමතවිචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ 2/3 න් පමණක් සංශෝධනය කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා නැවත ආපසු සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් නොපවත්වා සිදු කිරීමට නොහැකි විය. ඒ ආකාරයටම අනාගතයේ යම් දිනයක පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සංශෝධනය කරගනු ලැබූ විටක එය ප්‍රති සංශෝධනය කිරීමට එනම් යථාතත්ත්වයට පත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සිදු කිරීමට අවස්ථාව නොලැබී යයි. මන්ද 9 වන ව්‍යවස්ථාව සංශෝධන කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් පැවැත්වීම නියම කර ඇති හෙයිනි. ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ රටේ ජනතාවට එකවර අනතුරු 4කට මුහුණ දීමට සිදු වී ඇති බවයි. කෝවිඩ් 19 සෞඛ්‍යය අනතුර එක පැත්තකින් ද, 76 ව්‍යවස්ථාවට පටහැනිව 20 ගෙන ඒම තව පැත්තකින් ද,13 ඉවත් කරන්න ජනමතය අවශ්‍ය වීම තව පැත්තකින් ද, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් 2/3 කින් අහිමි වෙන්නට යාම තව පැත්තකින් ද සිදු වී ඇත. මෙම අනතුරු 4 හදුනාගෙන විධිමත්ව සහ ව්‍යවස්ථානූකූලව ඒවා විසදා ගැනීමට කටයුතු නොකළහොත් ජනතාව වැටෙන්නේ 1815 දී උඩරට ගිවිසුමෙන් වැටුණාටත් වඩා හිරවෙන උගුලකටය. arunaunawatuna@gmail com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...