2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...!
2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...!
කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නිකුත් කර තිබියදී බ්‍රැන්ඩික්ස් සහ බොඩිලයින් කර්මාන්ත ආශ්‍රිතව නැවතත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වී ඒ ආශ්‍රිතව පොලිස් වසම් කිහිපයක් 2020.11.09 දින සිට හුදකලා කර ඇති බවත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම කම්කරු දෙපාර්තමේන්තුව සිය කම්කරු නීති සහ වෙනත් නීති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමද කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නොතකා සිටීමද හේතුවෙන් සිදුවී ඇති බවත්, ඒ හේතුවෙන් එකී ආයතන සිය සමාජ යුතුකම ඉටු නොකර ක්‍රියා කිරීමෙන් සහ නොසැළකිල්ලෙන් / අනවධානයෙන් ක්‍රියා කිරීමෙන් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම සිදු වී ජනජීවිතය අඩාල කර මනුශ්‍ය ජීවිත අන්තරායකර තත්ත්වයට පත්කර ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කර ගැනීමට බාධා කර / මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස ක්‍රියාකර වැරදි සිදුකර ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර 2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ජනතාවට නීතිමය සහනද සහ ආදයම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස සහ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉදිරියේදී කර්මාන්ත ශාලා මගින් කෝවිඩ් - 19 තත්ත්වය සමාජයට පැතිරීම වළක්වන ලෙසත් ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසිනි.
එම පැමිණිල්ල පහත දැක්වේ.
Comments
Post a Comment