අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)
අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! (නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394 - 2021.02.21) [දේශීයව සහ විදේශීයව නීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ නීති විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින් සමන්විත සංස්ථාගත නීති අධ්‍යාපන සභාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. අධිකරණ භාෂාව සිංහල බවට පත් කිරීම නිසා සිය අභිමතය අවශ්‍ය ආකාරයට යොදා ගැනීමට නොහැකි වූ ක...