Skip to main content

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය නොදැරීම එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි...

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය නොදැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි...
ජනාධිපතිවරයාට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය සහ ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරනු ලැබූ  SC/FR/254/2020  මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූනි මස 09 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 අධිකරණ ශාලාවේදී කරුණු තහවුරු කිරීමට කැදවනු ලැබීය. ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය දැරීම රාජ්‍ය නීතිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමක් වන බවත්, අන් ආගමිකයන්ගේ ආගමික නිදහස ආරක්ෂා කිරීමක් වන බවත්, රජයේ දේපළ විදේශිකයන් සතුකිරීම, සොරකම, දූෂණය සහ අල්ලස් ගැනීම් පාලනය වන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. දළදා වහන්සේ රාජ්‍ය පාලකයාගේ ආරක්ෂාව යටතේ තීබීම තහවුරු වන්නේ බුද්ධ ශාසන අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තිබීමෙන් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවරීමෙන් ජනාධිපතිවරයාගෙන් ඓතිහාසික වගකීම අත්හැරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 12.1, 33, 105.4 ව්‍යවස්ථා යටතේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින්ම දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇති බවත් පෙත්සම්කරු කියා සිටියේය. විධායකයේ ප්‍රධානියා වීම, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වීම, ජනාධිපතිවරයා වෙත පැවරීමෙන් මෙය වඩාත් තහවුරු වන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. මෙම පෙත්සම පවරනු ලැබූ අවස්ථාවේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51වන වගන්තිය අනුව ආරක්ෂක අමාත්‍ය ධූරය පවා ජනාධිපතිවරයාට දැරිය නොහැකි බව දක්වා තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 33 ව්‍යවස්ථා යටතේ ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරීම නිවැරදි බවත් පෙත්සම්කරු කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන 4ක ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්වෙන බවත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවත්, බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, 1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය සහ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව මගින්ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එය වඩාත් ශක්තිමත් කර ඇති බවත්, විධායකයේ ප්‍රධානියා මෙන්ම ඇමති මණ්ඩලයේ ප්‍රධානියා වූ ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය සහ ආරක්ෂක අමාත්‍ය ධූරය යන දෙකම දැරීම අවශ්‍ය බවත්, වත්මන් ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පවරා ඇති බවත්, පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. මෙම පෙත්සම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක අවස්ථාවේ පවරා ඇති බවත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බුද්ධ ශාසනයට අදාලව ඇමතිවරයෙක් දිවුරුම් දී ඇත්නම් නීතිපතිවරයා එය පෙන්වාදිය යුතු බවත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ ඇමතිවරුන්ගේ ධූර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානය මගින් ආරක්ෂාකර නැති බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගත් ලෙස සැළකිය යුතු බව දක්වා තිබුණත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “අමාත්‍ය මණ්ඩලය” පරිච්ඡේදයම සංශෝධනය කර අලුතින් ඇතුල්කර ඇති හෙයින්, ඊට පෙර සිටි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ සහ දිව්රුම් දුන් බුද්ධ ශාසන ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරුන් ලෙසම සැළකීමට අන්තර්කාලීන වීධිවිධානයක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 58 වන වගන්තියේ නොදැක්වෙන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් වූ ඇමතිවරුන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යට‍තේ ඇමතිවරු ලෙස සැළකිය යුත්තේ කවර විධිවිධාන යටතේද යන්න පැහැදිලි කිරීම නීතිපතිවරයාගේ වගකීමක් බව පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව මගින් යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ජනාධිපතිට අයත් කාර්යයක් හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපති විසින් දැරීම නිවැරදි බවත්, බුද්ධාගමට ප්‍රමුඛත්වය හිමිවීම යටතේ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපති විසින් අත්හැරීම වැරදි බවත්, එමගින් පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති 9, 10 සහ 12.1 ව්‍යවස්ථාවල අයිතිවාසිකම් අහිමි කර ඇති බවත්  පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ ය. ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ කරුණු දැක්වීමෙන් පසු එකී මූලික අයිතිවාසිකම් පෙත්සම වලංගු නීතිමය කරුණු නැති බවට දැනුම් දුන් විනිසුරුවරු පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ අතර, එල්.ටී.බී. දෙහිදෙනිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, ඒ.එල්.එස්.ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නඩුව කැදවනු ලැබීය. පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පෙනී සිටියේය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394 (2021.07.09)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...