Skip to main content

සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?

සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ සමයේ තේරීපත් වී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන ලදී. එසේම 2020.08.05 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ වන අතර එමෙන්ම මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දෙන ලදී. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේය. ඉන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් 2020 ඔක්තෝබර් මස 29 දින කථානායක සහතිකය යොදා ඇත. ඒ අනුව 2020 ඔක්තෝබර් 29 දින සිට 19 ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරීත්වය 20 වන සංශෝධනයෙන් වෙනස් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයත් එසේ සංශෝධනය වූ පරිච්චේදයකි. එනම් අමාත්‍ය මණ්ඩලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පරිච්චේදයක් ඇතුලත් කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වන වගන්තිය මගින් සිදුකර ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අලුත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදයයි. දැන් පැන නගින ගැටලුව වන්නේ මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දුන් ඇමතිවරුන් එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරුන් ස්ව්‍යංක්‍රීයවම 2020 ඔක්තෝබර් 29 දින සිට එනම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇමතිවරුන් වන්නේද යන්නයි. එය එසේ නොවේ මන්ද යත් 20 වන සංශෝධනයෙන් ඇතුළත් වූ 53 වගන්තිය නිසා නැවත ඇමතිවරු දිව්රුම් දීම කළ යුතු වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ ඇමතිවරුන්ගේ ධූර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානය මගින් ආරක්ෂාකර නැති බවත් 20 වන සංශෝධනයේ 58 වගන්තිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගත් ලෙස සැළකිය යුතු බව දක්වා තිබුණත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “අමාත්‍ය මණ්ඩලය” පරිච්ඡේදයම සංශෝධනය කර අලුතින් ඇතුල්කර ඇති හෙයින්, ඊට පෙර සිටි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ සහ දිව්රුම් දුන් ඇමතිවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරුන් ලෙසම සැළකීමට අන්තර්කාලීන වීධිවිධානයක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 58 වන වගන්තියේ නොදැක්වෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරු හැර 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පමණක් දිව්රුම් දුන් ඇමතිවරු සහ අගමැතිවරයා සම්බන්ධයෙන් බලවත් නීතිමය දෝෂයක් පවතින බවයි. වර්තමානයේ සම්පූර්ණ ඇමති සංශෝධනයක් ගැන පුවත් පළ වෙන්නේ 20වන සංශෝධනයෙන් පත් නොවූ, 19 යේ අගමැති සහ ඇමතිවරු තවමත් ඉන්නා නිසාද? යන්න ඉදිරියේදී සමාජයට නිරාවරණය වෙනු ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066/0712063394 2021.07.06

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...