Skip to main content

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!
පහත දැක්වෙන්නේ එම ඉල්ලීමයි. (විද්‍යුත් තැපෑලෙන්/ අතින්/ ලි.ප.තැ) කථානයක කාර්යාලයේ තොරතුරු නිලධාරී, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1) 2021 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවූ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට එරෙහිව මා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලිඛිත පෙත්සමක් මගින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ අතර (SC/ SD/ 24/ 2021) ගරු කථානායකතුමා වෙත එකී පෙත්සම ලැබී ඇති බව 2021 ජූනි 22 දින ගරු පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. 2) 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව සහ එකී තීරණය අනුව එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව තීරණය කර ඇති බව වෙනත් කරුණු අතර ප්‍රකාශ කළ අතර, එකී තීරණය 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණයෙන් ඇතුලත් කර ඇති අතර සිංහල භාෂාවෙන් එකී තීරණය හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් පෙත්සම්කරුගේත්, ජනතාවගේත් අයිතිවාසිකම් අහිමි කර ඇත. 3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.(ඇ), 4.(ඈ) සහ 9වන ව්‍යවස්ථා සහ III සහ IV පරිච්චේදවල සහ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකර හෝ සිංහල භාෂාවෙන් ලබා නොදී එකී පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි පියවර ගැනීම ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකර කාරණයක් බවත්, එකි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර ගැනීමට හෝ සිංහල භාෂාවෙන් ලබා ගැනීමට පෙත්සම්කරුවන මා වෙත අයිතිය ඇති බව දැනුම් දෙමි. 4) එසේ හෙයින් 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ පළ කර ඇති 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, (අත්සන් කළේ) අරුණ ලක්සිරි උණවටුන (SC/ SD/ 24/ 2021 - පෙත්සම්කරු) පිටපත් 1) ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. 2) පාර්ලිමේන්තුවේ මහ ලේකම්,පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. 3) තොරතුරු නිලධාරී, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. 4) ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12. 5.) සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය. 6) රාජ්‍ය භාෂා කොමසාරිස්, භාෂා මන්දිරය"",අංක 341/7,කෝට්ටේ පාර, රාජගිරිය. 7) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12. [මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/ 0712063394/ 0786016161]

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...