මහජන යුතුකම ඉටු කිරීමෙන් බැහැර නොවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මහජන පෙත්සමක්....!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වගන්ති තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු නොදැක්වීම සහ එම පනත් කෙටුම්පත අනුමත කිරීම සහ 2021 ජූලි 12 දින ස්වර්ණවාහිනී ඉර වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා විසින් කර ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට පුරවැසියන් විසින් කටයුතු කරමින් ඇත.
එකී මහජන පෙත්සම පහත දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment