ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්වාධීනත්වය රැක ගැනීම අවශ්‍යම මොහොතයි මේ.....
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වෘත්තීයබව අපකීර්තියට පත් කිරීමට තැත් කරමින් සහ අයුතු ලෙස පක්ෂපාතීවෙමින්, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ වගන්ති 7ක් තිබූ කොරෝනා පනත ගෙන ඒමට 19 යේ අධිකරණ ඇමතිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහාය ලබා දුන් නීතීඥයන් කිහිප දෙනා එළිදරව් කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සහ ලේකම්ගේ යුතුකමකි.
ඒ සම්බන්ධයෙන් ජනතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින ලබා දුන් මහජන පෙත්සම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදි කර ඇති අය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි 'වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන' අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතීඥවරුන් විසින් පෙළඹවීමක් කරනු ඇතැයිද බලාපොරොත්තු වේ.
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකථන 0342256066/ 0712063394
(2021.07.20)
https://m.youtube.com/watch?v=Hg6n8K9mk-M
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment