අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, නීතීඥ සංගමයේ කණ්ඩායම් සහ 19යේ අධිකරණ ඇමතිවරයා.....!
අධිකරණයේ ස්වාධීනත්වයත්
නීතියේ පාලනයත්
අහිමි කරන
නීතීඥ කණ්ඩායම් ගැන
කතා කරන්න,
ඒවාට එරෙහි වෙන්න
අකැමැති වුණාට.....
ශක්තියක් නැති වුණාට.....
හීනියට බයක් තිබුණට කමක් නෑ....!
ඒත්,
එහෙම කණ්ඩායම්
ශ්‍රී ලංකා නීතීඥ සංගමය
පාලනය කිරීමෙන් වළක්වා ගැනීම
අධිකරණයේ ස්වාධීනත්වය,
නීතියේ පාලනය ආරක්ෂා කිරීමට
අවශ්‍ය බවවත්
හෘදය සාක්ෂිය කියන්නේද කියා
මොහතකට
පරීක්ෂාකර බලමු....!
2021 ජූනි 08
පාර්ලිමේන්තුවට ගෙනා
කොරෝනා පනත් කෙටුම්පත
වගන්ති 7ක්ම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
පටහැනිව තිබියදී
ශ්‍රී ලංකා නීතීඥ සංගමය
අනුමැතිය දුන් බවට
19යේ අධිකරණ ඇමතිවරයා
ජනතාවට දැන්වීම
යුක්තියද?
සාධාරණයද?
නීතියේ පාලනයද?
යන්න
නීසි බලධාරීන්වත්
හෘදය සාක්ෂියෙන්
ව්මසිය යුතුය....!
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන
දුරකතන 0712063394, 0786016161
(2021.08.18)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment