Skip to main content

දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ලබා ගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ පොදු ස්ථානවලට යාමේ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව නීතීඥවරයෙක් ජනාධිපතිට, නීතිපතිට, පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන arunaunawatuna@gmail.com 2021.10.29 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැති ප්‍රවෘත්තියේ ඇති කෝවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට යාම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රගන්නා අයට බලහත්කාරයෙන් එන්නත්කරණය කිරීම සහ අයිතිවාසිකම් අහිමි කිරීම නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දීම 1.) එන්නත බලෙන් විදින්න යාම නිවැරදි නොවන බවත්, ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිශක්තිය ආශ්‍රිත ප්‍රතිකාර කිරීමට ඇති අයිතිය වැළැක්වීමට සාමාන්‍ය නීතියෙන් හෝ නිරෝධායන නීතියෙන් හැකියාවක් නැති බවත් පුරවැසියන්ට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගැනීමේ නිදහස සහ අයිතිය ඇති බවත් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරමි. 2.) එමෙන්ම පහත දක්වා ඇති අදහස් අනුව කෝවිඩ් එන්නත් මගින් ඇතිවන අහිතකර තත්ත්වය පැහැදිලි වේ. "ගර්භණීවීම වසරක් පමාකරන්න -  වෛද්‍ය හර්ෂ අතපත්තු" https://youtu.be/uuxeILXq0wQ හැම වසරකම එන්නත් දෙන්න වෙයි... මහාචාර්ය නීලිකා මලවිගේ.. (විනාඩි 3.42) https://m.youtube.com/watch?v=U584iWLlon8 කොරෝනා හැදීමට වඩා වැඩි අවධානමක් එන්නත හරහා තියේවි... (වෛද්‍ය සුදර්ශනී ෆර්නෑන්ඩුපුල්ලෙ) (6.39 විනාඩියේ සිට) Watch "Live at 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2021-09-27" on YouTube https://youtu.be/Wr5eiBsLG38 3.) මාත්‍රාව සහ අවස්ථා ගණන, අතුරු ආබාධ නොදන්නා එන්නත් බලහත්කාරයෙන් විදීම වෛද්‍ය ආචාර ධර්ම අනුවද නිවැරදි නොවේ. 4.) එන්නත්කරණය නොකරන නමුත් දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමෙන් ඔවුන්ට කෝවිඩ් වෛරසය සහ වෙනත් රෝග ඇති කරවීමේ ඇති අවධානමද, එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමද කෝවිඩ් එන්නත් ලබා ගන්නා අය එකී වෛරස අසාදනයෙන්ද, වෛරසය පැතිරවීමෙන්ද නිදහස් වී නැති බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි. 5.) දේශීය වෛද්‍ය ප්‍රතිශක්ති වර්ධන ප්‍රතිකාර ගන්නා පුරවැසියන්ට බලහත්කාරයෙන් කෝවිඩ් එන්නත්කරණ‍ය නොකරණ ලෙසත්, පොදු ස්ථානවලට ඇතුල්වීම වැනි ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන ලෙසත් එය නීතියට පටහැනි වන බවත් කාරුණිකව දැනුම් දෙමි. මෙයට, විශ්වාසී, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පිටපත්, 1) පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. igp@police.lk 2) ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. අංක 14, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 04. sechrcsl@gmail.com 3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12. administration@attorneygeneral.gov.lk, agdurgentmotions@gmail.com, ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.10.29 දිනැතිව පළ වී ඇති කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නීතියෙන් ඇති හැකියාව සොයා බැලීමට නීතිපති උපදෙස් පතා ඇති ප්‍රවෘත්තිය https://m.facebook.com/gotabayar/photos/a.458960397602614/2035791946586110/?type=3&source=48

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...