20න් පත් වී නැති නිසා වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධීය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එහි 53 ව්‍යවස්ථාව අනුව අලුතින් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු වුවත් එය සිදුකර නැත.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට සහ අගමැතිට සහ විනිසුරුවරුන්ට
අදාල පත් කිරීම සම්බන්ධ අන්තර්කාලීන විධිවිධාන තිබූ නමුත් 20 වන සංශෝධනයේ විනිසුරුවරු පත්කිරීමට පමණක් අන්තර්කාලීන විධිවිධානයක් තිබුණද කැබිනට්
මණ්ඩලය සහ අගමැති පත් කිරීමට අදාලව එවැනි අන්තර්කාලීන විධානයක් නැත.
එම නිසා 19න් පත් වූ අගමැතිට සහ කැබනට් මණ්ඩලයට 20 ක්‍රියාත්මක වීමත් සමග අලුතින් පත් වීමට සිදු වේ. එසේ අලුතින් පත් වී නැත.
ඒ අනුව 20 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමගම 19න් පත් වූ අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධී වේ
නීතඥ අරුණ ලක්සිරි උණවටුන
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment