යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද? යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී. ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.) රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බවත්, ලෝකයේ රටවල සහාය ඔවුන්ට නොලැබෙන බවත් පෙන්වීමද? යන්න රුසියාවට පනවන සම්බාධක ප්‍රායෝගික නොවීමෙන් පෙනී යනු ඇත. ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය කළ වැරදි 3ක් ඇත. ඒ අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය...