පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම සහ ආයුර්වේද පනත නොතකා සිටීම
අපරාධ වරදක්...
ඔබ මූලික අයිතිවාසිකම් නඩුවක් දැමූ විට ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙන්නේත් ඔබටමයි කියා ඔබ දන්නවාද?
මූලික අයිතිවාසිකම් නඩුවකදී ඔබගේ අයිතිවාසිකම් අහිමි කරන අය චූදිතයන් නොවන අතර වගඋත්තරකරුවන් වෙයි.
මූලික අයිතිවාසිකම් නඩුවකදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටී. නීතිපතිවරයාව නඩත්තු කරන්නේ මහජන මුදලිනි. අවසානයේ වන්නේ ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අයගේ ආරක්ෂාවට නීතිපතිවරයා පෙනී සිටීමය.
ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් අපරාධ නඩුවක් ගොනුකර චූදිතයන් කළ පසු චූදිතයන් වෙනුවෙන් නීතිපතිට පෙනී සිටීමට හැකියාව නොලැබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්න කලින් මූලික අයිතිවාසිකම් නඩු නොපැවති අතර ඒ සමයේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලද්දේ දණ්ඩ නීති සංග්‍රහයෙ 289, 298 සහ 490 වගන්ති සහ අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 136.1.අ. වගන්තිය.
තාමත් ඒ නිති වෙනස්කරල නෑ කියන එක එන්නත අනිවාර්ය කරන්න දගලන කවුරු කවුරුත් දැන ගත්තට කමක් නෑ.
පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම අපරාධ වරදක් වන අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 289, 298 සහ 490 යන වගන්ති සහ ආයුර්වේද පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වැරදි වේ.
ආයුර්වේද පනතෙන් පිහිටුවා ඇති ආයුර්වේද වෛද්‍ය සභාව බලය අභිබවා යාමට 222 අධිකාරය වන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන නැත.
වසංගත තත්ත්ව පාලනයට ඉතාම සුදුසු වන පනතක් ලංකාවේ ඇති අතර ඒ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතයි. එසේ තිබියදී 222 අධිකාරය වන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත ඉදිරියට ගෙන ආයුර්වේද පනත, ආයුර්වේද වෛද්‍ය සභාව හෝ ආයුර්වේද වෛද්‍යවරයන් සහ ආයුර්වේද ප්‍රතිකාර් ගන්නා පුරවැසියන් පාලනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය ඇමතිවරයා ක්‍රියා කරන්නේ නම් එය පැහැදිලිවම අපරාධ වරදක් වේ.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.01.25)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment