යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද?
යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී.
ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ.
එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.)
රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බවත්, ලෝකයේ රටවල සහාය ඔවුන්ට නොලැබෙන බවත් පෙන්වීමද? යන්න රුසියාවට පනවන සම්බාධක ප්‍රායෝගික නොවීමෙන් පෙනී යනු ඇත.
ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය කළ වැරදි 3ක් ඇත. ඒ අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය කළ වැරැද්ද
පැසිපික් සාගරයේ හවායිහී පර්ල් වරායට බෝම්බ හෙළීමය.
රුසියාව මේ පිළිබඳ අනවබෝධයෙන් සිටිනවා විය නොහැකිය.
සිරියාවේදී රුසියාව පෙන්වූ හැකියාව බුද්ධිමතුන් වටහාගෙන ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.02.25)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment