තෙල්, ගෑස් පෝලිම් සහ විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්න උග්‍ර කළේ...
1. රජයේ දේපල සහ ආයතන විකුණුවාට / උකස් කළාට කමක් නැත.
2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කළාට කමක් නැත.
3. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළාට කමක් නැත.
4. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා නොදුන්නාට කමක් නැත.
5. ඒකිය ඉවත් කර එක්සත් හෝ සන්ධීය රාජ්‍යයක් වුණාට කමක් නැත.
6. ජනමතවිචාරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත.
7.ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත.
8. ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගායනා කළාට කමක් නැත.
9. රට නැවත සෝල්බරි ව්‍යවස්ථා ආකෘතියට ගෙන ගියාට කමක් නැත
කියා ජනතාවගෙන් කියවාගෙන ගෙන තෙල්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමටද?
ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment