උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... ජනාධිපතිටත් කියා දෙමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු.
උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු...
ජනාධිපතිටත් කියා දෙමු...
"ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු.
හිරු එළිය (එළවළු, පළතුරු, ඖෂධ) අපනයනය කර ගෙන්නමු....
ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයට උඩින් බව මහබැංකු අධිපති කියන තෙක් නොසිටිමු?
රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, කෝමාරිකා, ......) "ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු.
ඒ ලක්ෂයක නිෂ්පාදන බලකායට උදලු, කැති, පිහි, කාබනික පොහොර සහ පැළ ලබා ගැනීමට රු.25,000/ දක්වා මූල්‍ය ආධාරයක් ලබා දී දේශීය ආහාර සහ ඖෂධ නිෂ්පාදනය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්න.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0342256067, 0712063394
(2022.04.10)
Comments
Post a Comment