Skip to main content

සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීම ඉවත් කිරීමට රාජපක්ෂලාව මෙහෙයවූ අය තව දුරටත් උත්සාහ කරන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය සහ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම දක්වා රාජපක්ෂලාව මෙහෙයවීමටද?

සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීම ඉවත් කිරීමට රාජපක්ෂලාව මෙහෙයවූ අය තව දුරටත් උත්සාහ කරන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය සහ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම දක්වා රාජපක්ෂලාව මෙහෙයවීමටද?
නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට සිංහලෙන් නීතිය ඉගෙනීමට සිරිමාවෝ මැතිණියගේ 1970 ආණ්ඩුව අවස්ථාව ලබා දී තිබූණි. සිංහලෙන් නීතිය ඉගෙනගත් නීතීඥවරුන් විනිසුරුවරුන්, නීතිපතිවරුන්, ජනාධිපති නීතීඥයන් වූවා පමණක් නොව සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති තර්ක ගෙනවිත් රජය ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කරනු ලැබීමටද සමත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ අයිතිය අහිමි කරමින් 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය පළකිරීමට සහාය දෙම්න් කිහිප දෙනෙකුගේ බලය සහ අධිකාරය ශක්තිමත් කිරීමට රාජපක්ෂලා කටයුතු කළේය. සිංහල බහුතර ජනතාවගේ බලයෙන් පත් වූ රජපක්ෂලා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට, සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට ඉඩ දුන්නේය. සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියදී එයට ඉඩ දුන්නේ නැත. ජනතාවගේ සිංහල භාෂා අයිතිය නීති අධ්‍යාපනයෙන් මේ වන විට ඉවත් කර ඇති අතර, ඉතිරිව ඇත්තේ අධිකරණ භාෂාවක් ලෙස පහළ අධිකරණවල සිංහල භාෂාව යොදා ගැනීම ඉවත් කිරීමය. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපන ලබා දීම සිදු නොකරන හෙයින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම ප්‍රායෝගික නොවන බව තේරුම් ගැනීම අපහසු නොවේ. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නඩු විභාග කිරීම වැළක්වීම මෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අහෝසි කිරීමත්, ජනමතව්චාරණයක් සඳහා ප්‍රතිපාදන සළසා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව අහෝසි කිරීමත් ඉහත කිහිප දෙනාගේ ඉලක්කයකි. එම ඉලක්ක සාර්ථක කර ගන්නා තෙක් රාජපක්ෂලාව ආරක්ෂා කිරීමට ඔවුන් ක්‍රියා කරනු ඇත. මෙය තේරුම් ගැනීම සහ මෙයට පිළියම් සෙවීමට රාජපක්ෂලාටත්, ජනතාවටත් ඇති හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වෙයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.04.17)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...