"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි?
මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People's National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා "Gotagogama" තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයකි. ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි.
"The People's Constitution should be drafted and presented to the people according to the Grundnorm principle before or after the president Gotabhaya is sent home.
If not a dictatorship may arise."
"ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැවීමට පෙර හෝ පසූව මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ජනතාව හමුවේ තැබීම ගෘන්නෝම මූලධර්මය අනුව සිදුවිය යුතුයි.
එසේ නොවුණහොත් ඒකාධිපති පාලනයක් බිහි වනු ඇත."
වැද්දා වටුකූරුල්ලන්ට දැල දැමූ පසු වටුකුරුල්ලන් ඉන් මිදුන ආකාරය ලස්සන සිත් ඇදගන්නා බෞද්ධ කතාවක් පමණක් නොවේ. ඉන් ඉගෙනිය හැකි පාඩම් බොහෝය.
පළමු වැන්න වන්නේ අනතුරේ හෙළන්නාගෙන් කිසිවිට සහායක් නොඉල්ලිය යුතු බවයි. ඒ මූලික පාඩම "Gotagogama" අරගලයේ යෙදෙන තරුණ ප්‍රජාව මේ දක්වා අවබෝධකර නැති බව පෙනී යන්නේ ගෘන්නෝම (Grundnorm) නීති මූලධර්මය ගැන ඔවුන් මේ දක්වා කතිකාවක් ආරම්භ කර නැති හෙයිනි.
එනම් පවතින නීතිය උල්ලංඝනය කරමින් නව මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People's National Constitution) කෙටුම්පත් කිරීමට අවශ්‍ය මූලික සංවාදයවත් ඔවුන් මේ දක්වා ආරම්භ කර නැත.
ඒ පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනිය හැකි ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වූ කෙල්සන් (Kelsen) ඉදිරිපත් කළ ගෘන්නෝම නීති මූල ධර්මය පිළිබඳ දැනගත යුතුය.
දෙන්නන් කාසිවලට යමක් කිරීමට යාම හෝ ගෙනෙන නීතියේ මූලික ආකෘතිය නොමැතිව නීති කැඩීමට යාමේ ඇති අනතුර පිළිබඳව බුද්ධිමත්හු කල්පනා කරති.
වැද්දා දැල දැමූ විට වටු කුරුල්ලෝ වැද්දාගෙන් දැල අයින් කර දෙන ලෙස ඉල්ලා නොසිටි අතර, වටු කුරුල්ලන්ම එකතු වී දැල අයින් කර ගත්තේය. ඒ සමාජ සිද්ධාන්තය මෙහිදීද අදාල වේ.
වර්තමනයේ සමාජ ආර්ථික ජීවන ප්‍රශ්නය ඇති කිරීමට මුල් වූයේ පාර්ලිමේන්තුවේ 225 සහ විධායක ජනාධිපතිවරයා පමණක් නොවේ. අධිකරණය සහ පරිපාලන යාන්ත්‍රණයත් එයට වග කිව යුතුය. ජනතාව ගෑස්, තෙල් පෝලිමේ දුක් විඳීමට සැළැස්වීමට සහ විදුලිය කප්පාදුවට විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකා නොදෙවෙනි ලෙස දායක වී ඇත. ඒ සත්‍ය එළිදරව් කරන්නෝ බන්ධනාගාර ගත කිරීමෙන් ප්‍රශ්නය පාලනය විය හැකි වුවත් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැත.
ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරන අයදුම්පත්‍රවල ලිපින අනුව පාසල් බස් රථ හෝ පාසල් වෑන් රථ මෙතරම් ප්‍රමාණයක් නගර වෙත පැමිණීමට අවශ්‍යතාවයක් නැත.
විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ත්‍රිත්වයේ අකාර්යක්ෂමතාවය,නාස්තිය, දූෂණය පිළිබඳ සමාජයේ ප්‍රසිද්ධ සංවාදයක් ඇති වී තිබේ. "Gotagogama" තරුණ ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර නැති අතර, ගෝඨාභය ජනාධිපතිවරයා ඉලක්කකරගත් පෞද්ගලික අවලාද කිරීමක ස්වරූපයෙන් උද්ඝෝෂණ මෙහෙයවන ආකාරයක් දක්නට තිබේ.
ඝාතන කිහිපයක් පමණක් ඉස්මතුකරමින් සහ තෙල්, ගෑස්, විදුලිය අර්බුදයට පමණක් සමාජ ආතතිය සහ සමාජ පීඩනය ලඝු කරමින් වසර ගණනාවක් සමාජය මුහුණ දෙන වහල් පාලන ක්‍රමය පිළිබඳ සාකච්ඡා නොකිරීමට "Gotagogama" තරුණ පරපුර පරිස්සම් වන ආකාරයක්ද දක්නට තිබේ.
සමාජයේ පවතින සෑම ආයතනයකම, ව්‍යුහයකම පවතින බලවන්තයින් විසින් දුබලයන් සහ සම්බන්ධතා නොමැති අය පෙළන පාලන ක්‍රමයේ ගැටළු "Gotagogama" සාකච්ඡා කරනවා පෙන්නුම් කරන්නේ නැත.
එය ගෝඨාභය ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීමේ සීමිත ඉලක්කයක් පමණක් දරයි.
ගෘන්නෝමය (Grundnorm) ගැන නීතීඥවරු පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. "Gotagogama" තරුණ ප්‍රජාවද ඒ පිළිබඳ සකච්ඡා ආරම්භ කළ යුතුය.
7
"Gotagogama" තරුණ ප්‍රජාගේ අරගලය ජන අරගලයක් වන්නේ ඔවුන් එය තේරුම් ගැනීමට කල්ගත නොකිරීම සහ දක්වන උනන්දුව මතය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0342256067, 0712063394
(2022.04.21)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Nawoda
ReplyDeleteහරයටම හරි. ඒක තමයි කිව්වේ අපි ඇදුම් නැතුව ඇදුම් ගලවලා විසි කරලා නිරුවතින් දුවනවා කියලා. ඔය අරගලේ තිබුනේම බොහොම පටු අරමුණක්. ඒ ගෝඨාභය පැන්නීමම පමණයි. කොටින්ම රාජපක්ෂ භීතිකාවක් නැතිව මේ system change එකක්වත් ආර්ථික අර්බුදය විසදගන්න ක්‍රමයක් හොයන එකවත් නෙවෙයි.
ReplyDelete