2023 පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හිමිවන බලය අහිමි කර වසර 4 1/2ක් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දීර්ඝ කර ගැනීම 21 ගේන ඒමේ යටි අරමුණද?
2023 පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හිමිවන බලය අහිමි කර වසර 4 1/2ක් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දීර්ඝ කර ගැනීම 21 ගේන ඒමේ යටි අරමුණද?
2020.08.20 මුල් වරට පාර්ලිමේන්තුව රැස්විම
2021.08.20 වසර 01
2022.08.20 වසර 02
2023.02.20 වසර 02 මාස 06
ඒ අනුව 2023.02.20 වන ව්ට පාර්ලිමේන්තුවට වසර 2 1/2 ක් සම්පූර්ණ වේ.
එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70 ව්‍යවස්ථාව අනුව වසර 2 1/2 කින් පසු එනම් 2023 පෙබරවාරි 20න් පසු ජනාධිපතිගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව ව්සුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ජනාධිපතිට නීතිමය බලය ලැබේ.
මෙය වැළැක්විය හැක්කේ වසර 4 1/2 ක් දක්වා පාර්ලිමේන්තුව ව්සුරුවීමට නොහැකිවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනව්ත් ජනාධිපතිගේ බලය අඩු කිරීමෙනි.
"2015" දී ගෙන ආ 19වන සංශෝධනය මගින් කූට උපායශීලී ලෙස "2002" දී ගෙනා 19වන සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු ලබා දුන් ඒකමතික තීරණයට පටහැනිව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2 කට කල් දමාගෙන තිබුණි.
21වන සංශෝධනය ලෙස ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට යන්නේ මේ සඳහාද? යන්න සහ 2023 පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හිමිවන බලය අහිමි කර වසර 4 1/2ක් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දීර්ඝ කර ගැනීමේ යටි අරමුණ ඉටු කර ගැනීමටද යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067,0712063394
(2022.05.02)
Comments
Post a Comment