Skip to main content

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද?

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව නෙරපා ගත් පසු තමන්ට අවශ්‍ය කෙනා අග්‍රාණ්ඩුකාරවරයා (වැඩබලන ජනපති) වන බව නීති සංගමයේ ඉහළ ක්‍රියාකාරීන් දැන සිටි නමුත් අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් බහුතරයක් ඒ බව දැන සිට නැති බව ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්කර ගැනීම සහ අත්හැරීම සම්බන්ධ සිදුවීම් පෙන්වා දෙයි. ඒ බව පැහැදිලි වන්නේ ජර්මන් ජාතික දාර්ශනික කෙල්සන්ගේ "Grundnorm" නීති මූලධර්මය පිළිබඳ අරගලකරුවන්ගේ නොදැනුවත් බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ 1972 සිදුවූ නෛතික විප්ලවයද අපසු හැරවී 1948 සෝල්බරි ව්‍යවස්ථාව දක්වා වන ප්‍රති නෛතික විප්ලවයක් සිඳුවීමය. එනම් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට පෙර පැවති තත්ත්වයට රට යාමය. 1970 මැතිවරණයෙන් ජයගත් සමඟි පෙරමුණු ආණ්ඩුව එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව බැහැර කර නෛතික විප්ලවයක් එනම් Grundnorm මගින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතියද නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන්ට ලබා දුන්නේය. එසේ වුවත් රාජපක්ෂ ආණ්ඩු විසින් 2010 දී සහ 2020දී නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉවත් කළේය. (බලන්න 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය) ඒ අනුව සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වා ඇති හෙයින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකියාව ඇති විනිසුරුවරු සහ නීතිඥයන් බිහිවීමද වළක්වා ඇත. ඒ අනුව මේ වනවිට 1972 සිදුවූ නෛතික විප්ලවයට එරෙහි ප්‍රති නෛතික විප්ලවයට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සකස්කර ගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපා දැමූ අරගලකරුවන්ව එකී නීති වෙනස එනම් ප්‍රති නෛතික විප්ලවය කරගැනීමට සහාය කර ගැනීමට නීති සංගමයට හැකිවෙයිද යන්න කීමට තවම කල් වැඩිය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකතන 0712063394 (2022.07.16)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...