ජනතාවගේ භාෂා අයිතිය රැකීමට විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම...!
"නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න ක්‍රියාත්මක වීමට නම් ඉහළ අධිකරණ ලබා දෙන තීරණ ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දිය යුතුය.
වසර 74ක් නිදහස ලැබී ඇති බව ප්‍රකාශ කෙරුණද ඉහළ අධිකරණ තීරණ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති අධිකරණ භාෂාවෙන් ලබා නොදෙයි. මෙය රටේ නීතියේ පාලනය පවත්වාගෙන යාමට ජනතාව නීතියෙන් ඈත් වීම එය ඉහළ බලපෑමක් කර ඇත.
මෙය විසඳා ගැනීමට
ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කරන විදෙස් විනිසුරුවරු ශ්‍රී ලංකාවේ නඩු විහාග කිරීමට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ගැන නීතියේ පාලනය පිළිබඳ අදහස් දක්වන්නන් අතර සාකච්ඡා වෙමින් ඇත. ඒ මන්ද යත් ඉංග්‍රීසියෙන් පමණක් ලබා දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවටවත් ව්‍යවස්ථාදායක බලයක් නැති බව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පෙන්වා දීමය.
2021.08.17 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම ඉල්ලීම ඉටු කිරීමට කථානායකට නොහැකි විය.
(2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න)
මව් භාෂාවෙන් නිදහස් අධ්‍යාපනය ලබා නීතීඥවරු වී විදෙස් රටක විශේෂ නීති අධ්‍යාපනය ලබා විනිසුරුවරුවන පුරවැසියන් ඉහළ අධිකරණ විනිසුරුධූර ලැබූ පසු අධිකරණ භාෂාවෙන් තීරණ ලබා දීමට ශක්නුතාවය නොමැත්තේය යන්න නීතියේ පාලනයට පටහැනි තත්ත්වයකි. මෙය වහා නිවැරදි නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොව බලවතුන්ගේ අදහස් අනුව රට පාලනය වීම දෙසට නීතිය යොමු වේ.
ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කරන විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම නීතියේ පාලනය ශක්තිමත් කිරීමකි.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.07.24)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment