Skip to main content

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම....!
රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් කබලෙන් ලිපට වැටී ඇත. ගෝඨාභය ජනාධිපතිවරයාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නෙරපා දැමීමට සිංහල භාෂාවෙන් නිවේදන ප්‍රසිද්ධ කළ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය අරමුණු ඉටු කර ගැනීමෙන් පසු නැවත සුලුතරයේ ඉංග්‍රීසි භාෂාවට මාරු විය. දැන් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න විදෙස් හමුදා මැදිහත් වීමක් දක්වා ව්‍යාප්ත කරවීමට අවශ්‍ය පරිසරය ඉංග්‍රීසියෙන් තීරණ තීන්දු ගන්නා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ප්‍රධානීන් විසින් සකස් කර ඇත. 2020.12.30 අංක 2208/13 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම නතර කළ අලි සබ්‍රි ගෝඨාභය ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නෙරපා දැමීමෙන් පසු විදේශ ඇමති වීම විදෙස් හමුදා කැදවීමට දායකත්වය දෙනු ඇත්තේ කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විදෙස් නීති ගෙන ඒමට පනත් කෙටුම්පතක් ගෙන ඒමේ පූර්වාදර්ශයක් ඇති හෙයිනි. කෝරෝනා ව්‍යසනයට ආවරණය වී පනත් කෙටුම්පතක් ගෙනවිත් එක් පුරවැසියෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් (SC/SD/ 24/2021) පරාජය වූ අලි සබ්‍රි මෙදා අරගලය ප්‍රයෝජනයට ගෙන විදෙස් ඇමති වී ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇත. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදෙස් නීති ගෙන ඒමට අලි සබ්‍රි උත්සාහ කළ ආකාරය සහ එය පරාජය වූ ආකාරය දැන ගැනීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389 - 1450 දක්වා පිටුවල ඇති 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19 ) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවන්න) බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම තේරුම් ගැනීමට නිරවුල් සහ ස්වාධීන චින්තනයකින් ගෝඨාභය ජනාධිපතිවරයා නෙරපා දැමීම කියවිය යුතුය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.07.24)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...