ඉංග්‍රීසි මව් භාෂාව නොවූ අයට ඉංග්‍රීසියෙන් වැඩ කරන විට නිවැරදිව හිතන්න, තර්ක කරන්න බැරි ඇයි?
ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස්කම් රැසක් ඇත.
ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට අතාර්කික භාෂාවක් බව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය ආරම්භයේදීම තේරුම් යයි. සරළ උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය.
"put" පුට්" කියා "but" බට් කියන්නේ එහෙයිනි. එනම් විධිමත් තර්කයකට, ගැලපීමකට අනුව ඉංග්‍රීසි භාෂාව ගොඩ නැගී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිල භාෂා 06ක් පිළිගෙන ඇත.
ඉංග්‍රීසි මව් භාෂාව නොවන අය ඉංග්‍රීසියෙන් වැඩ කරන විට තර්ක කිරීමට, හිතීමට නොහැකි පිරිසක් බවට පත්වන හෙයින් ඔවුන් ප්‍රධානත්වය දරන ආයතන දියුණු කිරීම ඉතා අපහසු වේ.
ශ්‍රී ලංකාව කිසිම දිනක දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0712063394
(2022.08.02)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment