ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ විධිවිධානයට ගරු කරන පුරවැසියෙක් ඕනෑ කර තිබේ...!
අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව එක්වී 2020.12.30 දිනැති අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රයෙන් තහනම් කර ඇත.
අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගන්න පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක් නැත.
(බලන්න - 2022 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අධිකරණ භාෂා විධිවිධානය යුක්ති ක්‍රියාදාමයේදී ප්‍රායෝගිකව ඉටු නොවේ.
එහෙම තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානය පවතින්නේ කුමකටද කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහන්න නීති ගරුක පුරවැසියෙක් ඕනෑ කර තිබේ....!
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.09.18)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment