ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ගේ අද රට්ටුන්ගේ දෑතේය. හෙට....!
අපට
කන්න දෙනව නම්....
බොන්න දෙනව නම්....
ඇඳුම් දෙනවනම්....
නිදියන්න දෙනව නම්...
බෙහෙත් දෙනව නම්....
රැකියාව දෙනව නම්....
යාන දෙනව නම්....
වාහනත් දෙනව නම්....
වැසිකිලි, නානකාමරත් දෙනව නම්....
ලිංගිකව එක් වෙන්න
ගෑනු - පිරිමි දෙනව නම්....
මාසෙ අන්තිමට ඩොලරුත් දෙනව නම්....
අපට
ඡන්දයක් මොකටද...
ආගමක් මොකටද...
ජාතියක් මොකටද...
සංස්කෘතියක් මොකටද...
සදාචාරයක් මොකටද...
පවුලක් මොකටද...
දරුවෙක් මොකටද..
ස්වාධීනත්වයක් මොකටද...
අභිමානයක් මොකටද...
සිරිත් මොකටද...
විරිත් මොකටද...
තමන්ගෙ මව් භාෂාව මොකටද...
නිදහස් අධ්‍යාපනය මොකටද....
නීතිය ඉදිරියේ සමානත්වය මොකටද...
නීතියේ පාලනය මොකටද...
නීතියේ රැකවරණය මොකටද...
වවාගෙන කන්නෙ මොකටද....
නිෂ්පාදනය කරගන්නෙ මොකටද...
(ඒ මදිවට රටක් මොකටද...)
නේ...!?
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0712063394
(2022.09.24)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment