නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් ඔහුගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද?
නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ. එය පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද වෙයි.
මෙම ලිපිය ලියන නීතිඥවරයාද රජය ගෙන ආ පනත් කෙටුම්පත්, වෙනම රටක් වෙනුවෙන් අරමුණු පරමාර්ථ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම සිවිල් අභියාචනා මහාධිකරණයේද පුද්ගලිකව නඩු පවරා නීතිඥවරයෙකු ලෙස පෙනී සිට ඇත.
නීතීඥවරයෙකුගේ වෘත්තීය කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව මගින් පාලනය කරන අතර ඒ අනුව 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති මගින් එය විධිමත් කර පාලනය කර ඇත.
නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 11, 12, 14, 28, 126, 134, 136 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි.
එම නීති ප්‍රතිපාදන නොතකා නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීම වළක්වන එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වළක්වන තැනැත්තන්ට එරෙහිව සිවිල් වැරදි පිළිබඳ රජයේ වගකීම පනත, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තියේ වැරදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කිරීම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු නිමිති හටගන්නා අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ, දිසා අධිකරණයේ සහ මහාධිකරණයේ ,ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන, වන්දි ලබා ගත හැකිය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394
(2022.10.09)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment