Skip to main content

16 වන නීති අධ්‍යයන වැඩසටහන වැදගත් වන්නේ ඇයි? (2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාලය සම්මන්ත්‍රණ ශාලාවේදී)

16 වන නීති අධ්‍යයන වැඩසටහන වැදගත් වන්නේ ඇයි? (2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාලය සම්මන්ත්‍රණ ශාලාවේදී)
"මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය. මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මගේ ආත්මයයි. එහි ඉරණම මගේ ඉරණමයි. එය බිඳ වැටීම මගේ දුකයි. එහි සමෘද්ධිය මගේ සතුටයි." "If I see Russia as my motherland, then that means that as a Russian I love, think, sing and speak; that I believe in the spiritual power of the Russian people. Its spirit is my spirit; its destiny is my destiny; its suffering is my grief; its flourishing is my joy,” රුසියන් දේශප්‍රේමියෙකු වූ අයිවන් ඇලෙක්සැන්ඩ්රොවිච් ඉලින් (Ivan Alexandrovich Ilyin or Il'in (Ива́н Алекса́ндрович Ильи́н) කියා ඇති මෙම කියමන ශ්‍රී ලංකාවේ පුරවැසිටන්‍ටත් අදල නොවේද? අද ශ්‍රී ලාංකිකයෙකු ලෙස නාමකරණයෙන් අලුත් වී තම මාතෘ භූමිය, තම මව් භාෂාව, තම ආහාර නිෂ්පාදන ක්‍රමය සිංහල ජනතාව අහිමි කර ගනිමින් සිටී. සිංහල - දෙමළ ජනතාවට අද සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කර ඇත. වසර ගණනාවක් බෙදුම්වාදී සන්නද්ධ ගැටුමක් තිබියදී පවා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ ජනතාවගේ අයිතිය ආරක්ෂා වී තිබුණි. එකී බෙදුම්වාදය ජයගත්තා කියූ 2009 වසරෙන් පසු සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමට තිබූ අයිතිය අහෝසි කිරීමට "සංස්ථාගත් නීති අධ්‍යයන සභාව" ක්‍රියා කළේය. 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් එය තවත් ඉදිරියට ගෙන ගිය අලි සබ්‍රි අධිකරණ ඇමති සහ ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුළු සංස්ථාගත නීති අධ්‍යයන සභාව සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය ලබා දීම පමණක් නොව නීති විභාග පැවැත්වීමද වැළැක්වීමට අනු නීති පනවා ගත්තේය. ශ්‍රී ලංකාවේ, මාතෘභූමියේ උපන් මිලියන 18ක් වූ සිංහල ජනතාව නීතිය නොදන්නවුන් පිරිසක් බවට පත් කර ඇත්තේ ලෙනාඩ් වුල්ෆ් ගේ "බැද්දේගම" ආරච්චිලාගේ, කලු සුදු නඩුකාරහාමුදුරුවන්ගේ, ප්‍රනාන්දු මුදලාලිලාගේ වහල් සේවයට සිළිඳුලාට, පුංචිමැණිකෙලාට, බබුන්ලාට යාමට සි‍ඳුවන ලෙස නීතිය නොව ඉංග්‍රීසි ඉගෙනීමට කියමින් ය. ජාත්‍යන්තර භාෂා 06 ලෝකයේ පිළිගෙන  ඇති බව නොදන්නා මේ බලධාරීහු ජනතාවගෙන් තොරතුරු සඟවා ඉංග්‍රීසියෙන් තීන්දු තීරණ ගනිමින් වසර 74ක්ම රට පාලනය කරගෙන යති. රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් නඩු තීන්දු ලබා නොදේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන්නේය කීවද, උත්තරීතරය කීවද  රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා ගැනීමේ ව්‍යවස්ථාදායක බලය නොමැතිව අසරණ වී ඇත. (බලන්න 2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව)   එහෙව් රටක මාතෘභූමියට, මව්භාෂාවට ආදරේ කරන්නෝ වැඩි වශයෙන් සොයා ගැනීම අසීරුවනු ඇත. එහෙව් රටක් වහල්බවෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇත. එහෙව් රටක් දියුණු කිරීමට නොහැකි වනු ඇත. එහෙව් රටක සාධාරණත්වය, යුක්තිය, නීතිය මත පාලනය දැකිය නොහැකි වනු ඇත. එහෙව් රටක අභිමානය කෙළෙසාගත් මිනිසුන් සහ ගැහැණුන් සමූහ වශයෙන් දැකිය හැකි වනු ඇත. එහෙව් වටපිටාවක මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වන්නේ අභිමානවත් සහ සංවර්ධිත රටක් වෙනුවෙන් තම දෙපයින් නැගිට පාර සොයා යන්නවුන්ගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමටය. "පියාඹන්න බැරි නම් දුවන්න, දුවන්න බැරි නම් ඇවිදින්න, ඇවිදින්න බැරි නම් බඩගාන්න, නමුත් ඔබ කුමක් කළත් කළ යුත්තේ ඔබේ ඉදිරියට යාමය." මාටින් ලූතර් "If you can't fly then run, if you can't run then walk, if you can't walk then crawl, but whatever you do you have to keep moving forward." Martin Luther සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...