සිංහල භාෂාවෙන්
නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අයට එරෙහිව නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය.....
(16 වන නීති අධ්‍යයන වැඩසටහන)
සිංහල භාෂාවෙන්
නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුළු සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ සාමාජිකයන්ට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන උපලේඛනයේ ප්‍රතිඥාව කඩ කිරීම,
ද්වේශයෙන් ක්‍රියා කිරීම, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම සම්බන්ධයෙන් නඩු පවරන ආකාරය.....
මිලියන 18කගේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම නතර කිරීමට "සංස්ථාගත නීති අධ්‍යයන සභාව" නීති පැනවූයේ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් සිංහල භාෂාව යටපත් කිරීමේ පෙර සූදානමකින්ද?
මිලියන 80ක සහාය ලැබෙන දෙමළ ඩයස්පොරාවට ඉන් අත්වන වාසි මොනවාද?
අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට "අධිකරණ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාව" පිහිටුවිය යුත්තේ ඇයි?
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ගේ ධූර කාලය වසර 03කට සීමා කරන නීති පැනවිය යුත්තේ ඇයි?
16වැනි නීති අධ්‍යයන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී....
(මෙම නීති අධ්‍යයන වැඩසටහන් මාලාව පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය - අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ වල නඩු පවරා අත්දැකීම් ඇති - නීති ග්‍රන්ථ 10ක් ප්‍රකාශයට පත් කර ඇති - විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අධිකරණය සමාජය නීතිය පිළිබඳ ලිපි ලියන - නීති අධ්‍යයන වැඩසටහන් සහ නීති වැඩමුළු පවත්වන - කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියද එම විශ්ව විද්‍යාලයේම උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලැබූ නීතීඥවරයෙකි.)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394.
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment