Skip to main content

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ නීති සභාවක්ද?

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ නීති සභාවක්ද?
මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි. ‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ඒ ආකාරයේ තත්ත්වයක් වර්තමානයේදීද දක්නට ඇත. ඒ නීතියේ අධික බලයක් අත දරා සිටින සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ වැරදි ක්‍රියා කලාපයයි. එහි සාමාජිකයන් කිහිප දෙනෙකු අධිකරණ බලය සහ විධායක බලය යන බල දෙකම දරමින් අධික බලයකින් යුක්තව ක්‍රියා කරයි. ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාව නිදහස් ස්වෛරී ජනරජයක් වීමේ අරමුණු නැවත අහිමි කිරීමකි. එමෙන්ම එකී සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු බවයි. "ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නා සේ" එකී ගැසට් පත්‍රයේ විධිවිධාන පවා කඩ කරමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති බව මාධ්‍යයේ දැක් වේ. "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" කියා පැරන්නෝ කීවේ මේ නිසා ය. අවසාන වශයෙන් කිව හැක්කේ "නඩුත් බඩුත් දෙකම ඔවුන්ගේ නම් ජනතාවට නීතියේ පිහිටත් නොවන බවය". සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව වැරදි ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා කතා කර ඇත. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ සභාවක් බව මේ වන විට පැහැදිලි වී ඇත. නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394. (2023.02.21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් ලියා ඇත)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...