ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද?
ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද? දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සහ ඉංදියාවේ ගාන්ධි බන්ධනාගාරගත කරන ලද්දේ ඉංග්‍රීසි කිරීටය විසින් යටත්විජිත පාලන කරන ලද නීතියෙන් සහ එම රටවල අධිකරණ විනිසුරුන් විසිනි. ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබුණද, 1972 ස්වස්ථානික ජනරජ ව්‍යවස්ථාවක් තනාගත්තද නිවහල් නීති ක්‍රමයක් නොමැති අතර රෝම ලංදේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, එංගලන්ත නඩු තීන්දු ඇසුරෙන් නීතිය ක්‍රියාත්මක වෙයි. නිවහල් ස්වාධීන නීති ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල දඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල පනත් කෙටුම්පත යන සළුවට මුවා වී ගෙනවිත් ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, අධිකරණ සංවිධාන පනතේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ,අපරාධ නඩු විධාන සංග්‍රහයේ හෝ වෙනත් නීති වල දක්වා නොමැති සහ එකී නීතිවලට පටහැනි වන ආකාරයට ...