Skip to main content

නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)

(නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) (මුද්‍රිත නිබන්ධන සහ මූලාශ්‍ර සපයයි) ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)
අන්තර්ගතය නීතිය - නීති මූලාශ්‍ර / නීති පනවන ආකාරය, නිසි ක්‍රියාදාමය, ස්වභාවික යුක්ති මූලධර්ම, පනත් කෙටුම්පත්, පනත් කෙටුම්පත් ගැන දැනගන්නා ආකාර, පනත් කෙටුම්පතක් හෝ එහි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය පිළිබදව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23,78, 80, 83, 118, 120, 121, 122, 124 සහ 125 ව්‍යවස්ථා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ නියම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නැවත සළකා බැලීමේ නීතිය සහ ස්ථාවර නියෝග, නීති සම්මත කිරීම, පාර්ලිමේන්තුව පනවන නීති වෙනස් කිරීම හෝ ඉවත් කිරීම. කවුරුන් වෙනුවෙන්ද? සා/පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය හදාරන සිසුන්ට උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා බලාපොරොත්තු අයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල අයට කරන අයට පෙලීසියේ/සන්නද්ධ හමුදාවල අයට විශ්‍රාමිකයන්ට වෘත්තීකයන්ට නීතිය පිළිබද උනන්දු අයට නීති වැඩමුළු මෙහෙයවන්නේ කවුද? මෙම නීති අධ්‍යාපන වැඩමුළු නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) මහතා විසින් මෙහෙයවනු ලබයි. ඔහු නීතිය පිළිබද කෘතින් 10ක් පළ කර ඇති අතර, නීතිය සමාජය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයට ලිපි ලියන, විවිධ අධිකරණවල නඩු මෙහෙයවා අත්දැකීම් ඇති නීතීඥවරයෙකි. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක ලෙස කටයුතු කරන අතර එමගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල නීති අධ්‍යාපන වැඩසටහන් 23ක් මේ වන විට පවත්වා ඇත. නොමිලේ පවත්වන මෙම නීති අධ්‍යාපන වැඩමුළුව (පැය 5-6) ඔබ ආයතනයේ/ ප්‍රදේශයේ/ස්ථානයේ පැවැත්වීමට අදහස් කරන්නේ නම් විමසන්න - දුරකථන 0712063394 අයදුම් පත්‍රය

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...