Skip to main content

අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் சமர்ப்பிப்புகளை முன்வைக்கும் நபர்களின் உரிமைகளைப் பாதுகாப்பதற்கான ஒரு மசோதா. ** A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.*

අධිකරණ ඇමතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට…….. ඉදිරිපත් කරන අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் சமர்ப்பிப்புகளை முன்வைக்கும் நபர்களின் உரிமைகளைப் பாதுகாப்பதற்கான ஒரு மசோதா. ** A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.* අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතඅධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන වල රැකවරණය හිමිවන බව සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුශංගික කාරණා සම්බන්ධ විධිවිධාන සැළැස්වීම පිළිබඳ පනතකි. 1.මෙම පනත 2024 අංක .... දරන අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් හදුන්වනු ලැබේ. 2.අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට මෙම පනතේ විධිවිධාන අදාල වේ. 3. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත නීති වලින් ආරක්ෂා කර ඇති සාධාරණ නඩු විභාගයකට අදාල නීතිමය ප්‍රතිපාදන, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය අභිබවා ක්‍රියාත්මක වන්නේය. 4. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ යම් ලිඛිත නීතියක ප්‍රතිපාදන මත කරුණු දක්වන තැනැත්තන්ව ඒ මත අත්අඩංගුවේ රඳවා ගැනීමට හෝ රීතියක් නිකුත් කිරීමට නොහැක්කේය. 5. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර අනනුකූලතාවයක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුත්තේය. நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் சமர்ப்பிப்புகளை முன்வைக்கும் நபர்களின் உரிமைகளைப் பாதுகாப்பதற்கான ஒரு மசோதா.** பிற எழுதப்பட்ட சட்டங்களால் பாதுகாக்கப்படும் நியாயமான விசாரணை தொடர்பான சட்ட விதிகளின்படி, நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் சமர்ப்பிப்புகளை சமர்ப்பிக்கும் நபர்களின் பாதுகாப்பை வழங்குவதற்கான ஒரு சட்டம். 1. நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்கள் சட்டம் எண் …, 2024 முன் சமர்ப்பிப்புகளை வழங்கும் நபர்களின் உரிமைகளைப் பாதுகாப்பதாக இந்தச் சட்டம் மேற்கோள் காட்டப்படலாம். 2. இந்தச் சட்டத்தின் விதிகள் நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் சமர்ப்பிப்புகளை முன்வைப்பவர்களுக்குப் பொருந்தும். 3. நியாயமான விசாரணை தொடர்பான சட்ட விதிகள், நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களுக்கு முன் சமர்ப்பிப்புகளை சமர்ப்பிப்பவர்களுக்கு எழுதப்பட்ட பிற சட்டங்களால் பாதுகாக்கப்படும், நீதிமன்றம், தீர்ப்பாயம் அல்லது நிறுவன அவமதிப்புச் சட்டம், 2024 எண் 8 இன் பிரிவு 15 ஐ மீறுகிறது. 4. நீதிமன்றங்கள், தீர்ப்பாயங்கள் மற்றும் நிறுவனங்களின் முன் எழுதப்பட்ட எந்தவொரு சட்டத்தின் விதிகளின் கீழ் சமர்ப்பிப்புகளின் அடிப்படையில் ஒரு நபருக்கு எதிராக எந்த விதியையும் வெளியிட முடியாது அல்லது காவலில் வைக்க முடியாது. 5. இந்தச் சட்டத்தின் சிங்கள மற்றும் தமிழ் நூல்களுக்கு இடையில் ஏதேனும் முரண்பாடு ஏற்பட்டால், சிங்கள உரையே மேலோங்கும். A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.* AN ACT TO PROVIDE FOR THE PROTECTION OF PERSONS PRESENTING SUBMISSIONS BEFORE COURTS, TRIBUNALS AND INSTITUTIONS ACCORDINGLY TO THE LEGAL PROVISIONS RELATING TO A FAIR TRIAL, WHICH ARE PROTECTED BY OTHER WRITTEN LAWS, AND TO PROVIDE FOR MATTERS CONNECTED THEREWITH OR INCIDENTAL THERETO. 1. This Act may be cited as Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions Act No ….. of 2024. 2. The provisions of this Act are applicable to those presenting submissions before courts, tribunals and institutions. 3. The legal provisions relating to a fair trial, which are protected by other written laws for those presenting submissions before the courts, tribunals and institutions supersedes section 15 of the Contempt of Court, Tribunal or Institution Act, No. 8 of 2024. 4. No rule can be issued against a person nor can a person be detained in custody on the basis of the submissions under provisions of any written law before courts, tribunals and institutions. 5. In the event of any inconsistency between the Sinhala and Tamil texts of this Act, the Sinhala text shall prevail. ** E- Translation * Translation යෝජනා කරන……… අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉහත දැක්වෙන අතර අධිකරණ ඇමතිවරයා හෝ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව යටතේ එය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිමි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com දුරකථන 0712063394 (2024.04.14)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය