Skip to main content

නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 'ජයිකා' කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද?

නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 'ජයිකා' කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද?
දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව, 140වන ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1. අ. වගන්තිය, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සාධාරණ නඩු විභාගයක අයිතිය ඇතුලු නීති ප්‍රතිපාදන අනුගමනය කරමින් නීතීඥ එස්.පී. ජයතුංග මහතා විනිසුරුවරුන් ඇතුලු නීතියේ පාලනයට සම්බන්ධ ඉහළ මට්ටමේ කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණ වල නඩු පවරා තිබුණි. එවන් තත්ත්වයකදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන් පැවරූ අභියාචනා අවසර ඉල්ලීමේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥ එස්.පී. ජයතුංග මහතාව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවීම 2024 මාර්තු 20 දින සිදුකර ඇත. නීතීඥවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ දූෂණ විරෝධය සඳහා විදෙස් සංවිධානවල ආධාර ලබා ගන්නා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට තමන්ගේ සාමාජිකයෙකුවන නීතීඥ වෘත්තීය අත්හිටුවා ඇති එස්.පී. ජයතුංග මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් විමසා බැලීමට ජාතීන් අතර සමානත්මතාවය නියෝජනය වන ආකාරයට ජනාධිපති නීතීඥවරුන් 5කට වැඩි ප්‍රමාණයකගෙන් සමන්විත නීතීඥ කමිටුවක් පත්කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකමක් නැතැයි කිව නොහැකිය. 2024 මාර්තු 20 දින නීතීඥ වෘත්තීය අත්හිටවූ සහ දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එස්.පී. ජයතුංග මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මැදිහත්වීමක් වනවා වෙනුවට පසුගිය සති දෙකක පමණ සිට ජපානයේ 'ජයිකා' ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් කෝටි 2ක මුදලෙන් කොටසක් එහි සභපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න, සභාපති ධූරයට තරග වැදීමට නියමිත ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ නුවන් ද අල්විස් සහ නීතීඥ රශ්මි ඉන්දතිස්ස විසින් විනිවිද රහිතව ලබා ගත් බවට වන සාකච්ඡාවක් ඇති වී තිබෙන අතර පුවත්පත්වලද පළ වෙමින් ප්‍රසිද්ධියට පත් වී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද පත්කර ඇත. "ජයිකා" ආයතනය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් මුදල්, ලබා ගත් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දී ඇති බවත් එකී මුදල් නැවත ලබා දීමෙන් එකී 5 දෙනා වෙත ඇති එහි වගකීම අවසන් විය හැකි බවත්, අවසානයේ මෙය තවත් එක් කාලය කා දමන නීති ඇස්බැන්දුමකින් අවසන් වනු ඇති බවට සමාජ අදහසක්ද ගොඩ නැගෙමින් ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව සිය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පූර්ව නිලධාරීන් අනුගමනය කළ මාර්ගයේ නැවත යාම ආරම්භ කිරීම සුදුසු බවටද විද්වතුන් අතර අදහසක් ඇත. අධිකරණය විසින් දඬුවම් නියම කර තිබූ නීතීඥවරයෙකුගේ දඬුවම නැවත සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දැක්වීමට පෙර පැවති නීතීඥ සංගම් ප්‍රධානීන් පියවර ගෙන තිබුණි. එවැනි තත්ත්වයක් තුළ නීතීඥ වෘත්තීය අත්හිටුවා ඇති තවමත් වරදකරුවෙකු වී නැති, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමි තමන්ගේ සාමාජිකයා වන එස්.පී. ජයතුංග පිළිබඳ විමසා බැලීම, සිය යුතුකම ඉටුකිරීම, ඔහුගේ ජීවන තත්ත්වය පිළිබඳ සළකා බැලීම, ඔහු ඉදිරිපත් කරන වෘත්තීය කාරණා විමසා බැලීම සාධාරණ යුක්ති සහගත තත්වයකි. නොඑසේනම් නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම වෙනුවට එය යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද යන ප්‍රශ්නයේ පිළිතුර තවත් සංකීර්ණ කරන අතර නීතීඥ වෘත්තියේ භූමිකාවටද, ස්වාධීනත්වයටද අහිතකර වෙයි. අවසානයේ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයටද, දූෂණ විරෝධී පටිපාටියටද ගුණදායක නොවන තැනට පත් වෙයි. එය නීතියේ පාලනයේ සෞඛ්‍යටද හිතකර නැත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.05.22)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394