Skip to main content

ජනාධිපතිවරණය වසරකින් කල් දැමීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව නිසාය....

ජනාධිපතිවරණය වසරකින් කල් දැමීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව නිසාය....
1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතෙක් පැවති ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 6කට වඩා වැඩිකර ගන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය. නමුත් වසර 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයකට පාර්ලිමේන්තුවේ 2/3 ක (150 ක්) මන්ත්‍රී ඡන්දයක් පමණි. 3. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ධූර කාලය වසර 6ක් දක්වා වැඩි කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය. 4. එය රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වන්නේද යන්න කීමට තවම කල් වැඩිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.05.29)

Comments

  1. දැන් කට්ටිය රාජ්‍ය පාලනයට වඩා උනන්දු වන්නේ ව්‍යවස්ථාව පාලනය කිරීමටයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න...