මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් කියවන්න නැද්ද?
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති බහුතරය සිංහලය. අධිකරණ භාෂාව සිංහල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙන්නේ එංගලන්තය 1815 සිට පුරුදු කර ඇති ආකාරයට ඉංග්‍රීසියෙන් පමණි. ලෝකයේ දියුණු රටවල් ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඉතාලිය, ප්‍රංශය අධිකරණ තීන්දු දෙන්නේ ඒ රටවල ජනතාවගේ භාෂාවෙනි. ඒ රටවල ජනතාව නීතිය දැනගන්නවාට ඒ රටවල පාලකයන් කැමතිය.
ඩයනාගේ නඩු තීන්දුව SC/APPEAL/11/24 (2024.05.08) සිංහලෙන් ලබා ගතහොත් ජනතාව එය කියවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කියා ඇති නීතිමය කරුණු දැන ගනි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අන්තවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් දෙනවාට කැමති නැත. එහෙව් රටක් දියුණු වෙන්නේ නැත.
මන්ත්‍රීකම අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් ලබා ගෙන කියවීමට ජනතාවට හැකි වුවහොත් එය ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වීමකි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2024.05.08)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment