Skip to main content

9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග නොකර 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගැනීම, නිවැරදි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?

9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග නොකර 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගැනීම, නිවැරදි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති ක්ෂේත්‍රයේ අයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද නොදන්නා කාරණයක් විය නොහැකිය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර තිබුණි. එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී. එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වන විධිවිධානය නීතියක් වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීමෙන් පසුව බව දක්වා ඇත. ඒ හේතුවෙන් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පනත් කෙටුම්පත් අදියරේම අවසන් විය. එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7දෙනාගේ තීරණය අනුව වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයටත්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීම අවශ්‍යම විය. වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ඩෙප් සහ චන්ද්‍රා ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණ පාර්ලිමේන්තුවට යොමු කළ අතර එම විනිසුරුවරුන් 3නා මීට පෙර 2002 දී විනිසුරුවරුන් 7දෙනකු ලබා දී තිබූ තීරණය වෙනස් කර තිබුණේ නැත. ඒ අනුව වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් ජනමතවිචාරණයකට යාම අවශ්‍ය විය. නමුත් එය මේ දක්වා සිදු වී නැත. පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා යොමු කළ යුතු විය. නමුත් මේ දක්වා 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එය සිදු වී නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව නීතියක් වී නැති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් නීතියක ආරෝපණය ලබා දී ක්‍රියාත්මක කරගෙන යාමට පාර්ලිමේන්තුව සහ වර්තමාන ජනාධිපතිවරයාද කටයුතු කරන බව පෙනී යයි. එසේ තිබියදී අද දින (2024.06.18) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී, නීතියේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අයුතු මැදිහත්වීමක් නොවන්නේද යන ප්‍රශ්නය සමාජයේ පැන නගී. ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. එසේ තිබියදී 2024 ජුනි 18 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එකී ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අහිමිකරන බව ප්‍රකාශ කරමින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සහ එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විවේචනය කරමින් අදහස් දක්වනු ලැබීය. හිරු පුවත් (2024.06.18) https://m.youtube.com/watch?v=E5c7Z6Y3mBI&pp=ygVe4Lai4Lax4LeP4Law4LeS4La04Lat4LeSIOC2tOC3j-C2u-C3iuC2veC3kuC2uOC3muC2seC3iuC2reC3lCDgtq3gt5rgtrvgt5Pgtrjgt4og4Laa4LeP4La74LaaIA%3D%3D 9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරගන්නවා වෙනුවට 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7 දෙනාගේ තීරණය අනුගමනය නොකර 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගත් ආකාරය සෙවීමට තේරිම් කාරක සභාවක් පත් කිරීම වඩා යෝග්‍ය බවට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම සුදුසු වන අතර එය වැරදි ලෙස නීතියක් පවත්වාගෙන යාම නිවැරදි කිරීමක් වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ යුත්තේ, 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7 දෙනාගේ තීරණය අනුගමනය නොකර 2015 දී ගෙනා 19 නීතියක් කරගත් ආකාරය සෙවීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීමට ක්‍රියා කිරීම මිස ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යාම නොවේ. 2002 සහ 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව මේ දක්වා නීතියක් වී නැති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති හෙයින්, එකී පනත් කෙටුම්පතට 2015 සිටි කතානායකවරයා නීතියක් බවට යොදා ඇති වැරදි සටහන නිවැරදි කර එය ජනමත විචාරණයකට යොමු කිරීමට තමන් වෙත යොමු කරන ලෙස මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට දැනුම් දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව සටහන් යොදා,  80.2 ව්‍යවස්ථාව යටතේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස දැනුම් දීමයි. එනම් 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැනටමත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට නොඅඩු බහුතර ඡන්දයක් ලැබී ඇති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමතවිචාරණයකට යොමු කිරීමට අදාල වන 80.2 ව්‍යවස්ථාව පියවර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගැනීමයි. එනම් 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිදු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමේ වැරැද්ද නිවැරදි කිරීමයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...