නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?
ජපානයේ "ජයිකා" ආයතනය දූෂණ විරෝධය සඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් 5කගෙන් යුත් කමිටුවක්ද මේ වනවිට පත් කෙරී ඇත. එකී කමිටුව මෙම විමර්ශනය සඳහා යෝග්‍ය නොවන බවටද අදහසක් ඇත.
මෙම මූල්‍ය ගනුදෙනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, වංචාවට, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමට අදාල නීතියට අදාල බවටද සාකච්ඡා වෙයි.
ඒ සමගම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමේ සූදානමක්ද ඇත.
මේ ප්‍රශ්නය අදාලව නීතිය ක්‍රියාත්මක නොවී පාරේ විරෝධතා පැවැත්වීම සුදුසුද යන්න 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති ඇසුරෙන් විමසා බැලිය යුතුය.
නීතීඥවරයන්ට අදාල වෘත්තීය ආචාර ධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව ඇසුරෙන් අගවිනිසුරුතුමා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පනවා ඇත. එහි රීති 62ක් ඇත. නීතීඥවරයන්ගේ විනය පාලනය කිරීමේ පටිපාටිය 1979 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42, 43, 44 වගන්තිවලද දැක්වේ.
1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් සඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති 60, 61 රීති අනුව නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් විසින් පාරේ විරෝධතා පැවැත්වීම සුදුසු නැත.
නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉවත් කිරීමට හෝ ඔහු නීතීඥ වෘත්තීයට නුසුදුසු ආකාරයට ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතියෙන් පිළිගත් ක්‍රමවේද ඇත.
නීතීඥ සංගමයේ ක්‍රියාවකට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමට යාම නීතියේ පාලනයටද අහිතකර වන අතර, නීතීඥ වෘත්තීය අභිමානයද අහිමිවන තැනට පත් වෙයි.
ඒ අනුව සැළකීමේදී නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟ නැත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.08)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment