Skip to main content

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?
ජපානයේ "ජයිකා" ආයතනය දූෂණ විරෝධය ස‍ඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් 5කගෙන් යුත් කමිටුවක්ද මේ වනවිට පත් කෙරී ඇත. එකී කමිටුව මෙම විමර්ශනය සඳහා යෝග්‍ය නොවන බවටද අදහසක් ඇත. මෙම මූල්‍ය ගනුදෙනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, වංචාවට, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමට අදාල නීතියට අදාල බවටද සාකච්ඡා වෙයි. ඒ සමගම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමේ සූදානමක්ද ඇත. මේ ප්‍රශ්නය අදාලව නීතිය ක්‍රියාත්මක නොවී පාරේ විරෝධතා පැවැත්වීම සුදුසුද යන්න 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් ස‍‍ඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති ඇසුරෙන් විමසා බැලිය යුතුය. නීතීඥවරයන්ට අදාල වෘත්තීය ආචාර ධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව ඇසුරෙන් අගවිනිසුරුතුමා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පනවා ඇත. එහි රීති 62ක් ඇත. නීතීඥවරයන්ගේ විනය පාලනය කිරීමේ පටිපාටිය 1979 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42, 43, 44 වගන්තිවලද දැක්වේ. 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් ස‍‍ඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති 60, 61 රීති අනුව නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් විසින් පාරේ විරෝධතා පැවැත්වීම සුදුසු නැත. නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉවත් කිරීමට හෝ ඔහු නීතීඥ වෘත්තීයට නුසුදුසු ආකාරයට ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතියෙන් පිළිගත් ක්‍රමවේද ඇත. නීතීඥ සංගමයේ ක්‍රියාවකට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමට යාම නීතියේ පාලනයටද අහිතකර වන අතර, නීතීඥ වෘත්තීය අභිමානයද අහිමිවන තැනට පත් වෙයි. ඒ අනුව සැළකීමේදී නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟ නැත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.08)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394