Skip to main content

Posts

Showing posts from August, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය" එළිදැක්වීම 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා...

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය" එළිදැක්වීම 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා... “ මම සහ තවත් අයෙක් 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 2024 ජූලි 09 දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා සහන අයද තිබුණ අතර එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශාල නඩු ගාස්තුවලට යටත් කර මුල් දිනයේම ප්‍රතික්ෂේප කරන ලද තත්ත්වයකදී සහ එකී ප්‍රතික්ෂේප කිරීම් වලින් දින කිහිපයකට පසුව එනම් 2024 ජූලි 19 දින, 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී පැවති අතපසුවීමක් ගැන ජනතාවගේ අවධානය යොමු කරමින් ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ ඉහළ රජයේ නිලධාරීන් සහ ජනතාව සහභාගී වූ උත්සවයකදී රජයේ ප්‍රධා

A request to establish a "Special Appellate Constitutional Council" (SACC) to seek relief from penalties, fines and court fees imposed by the Supreme Court for the first time *....

A request to establish a "Special Appellate Constitutional Council" (SACC) to seek relief from penalties, fines and court fees imposed by the Supreme Court for the first time *.... Yesterday (16.08.2024), Aruna Laksiri Unawatuna AAL reqested from President Ranil Wickramasinghe, Secretary of Ministry of Justice M. N. Ranasinghe, Attorney General Parinda Ranasinghe PC to establish a "Special Appellate Constitutional Council" to seek relief from penalties, arrest, holding in custody, detainment or deprivation of other personal liberties of a person, imposition of fines or court fees by the Supreme Court as a court of first instance. He has pointed out in his request that the Supreme Court has jurisdiction to impose penalties, arrest, hold in custody, detain or deprive other personal liberties of a person, impose fines or court fees and under the existing laws, the number of cases initiated for the first time in the Supreme Court as a court of first instance has i

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, දඩ සහ නඩු ගාස්තු නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන ලෙස ඉල්ලීමක්.

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, දඩ සහ නඩු ගාස්තු නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන ලෙස ඉල්ලීමක්. මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, අධිකරණ අමාත්‍යාංශය ලේකම් එම්. එන්. රණසිංහ මහතාගෙන් සහ නීතිපති ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ මහතාගෙන් අද දින (2024.08.16) ඉල්ලීමක් කර ඇත. වර්තමානයේ පවතින නීති යටතේ මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු ප්‍රමාණය වැඩි වී ඇති අතර එසේම එම නඩු වලදී තැනැත්තන්ට එරෙහිව මුල් වරට දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස

2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද?

2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද? 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියම කර ඇති ජනාධිපතිවරණය සඳහා අද (2024.08.15) දින අපේක්ෂකයන් 39 දෙනෙකු නාම යෝජනා ලබා දුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එසේ නාමයෝජනා ලබා දුන් ජනාධිපති අපේක්ෂකයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා, අනුර දිසානායක මහතා, විජයදාස රාජපක්ෂ මහතා, රොෂාන් රණසිංහ මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා යන මන්ත්‍රීවරු ඒ අතර වෙති. දැනට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇතැයි සිතීමට වැඩි ඉඩක් නැත්තේ දැනටමත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔහුට කැමැත්ත/ සහාය දක්වන හෙයිනි. එසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු වෙතද සහාය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැමිණිය හැක

19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද?

19යේ වැරැද්දට සමාව ගත් පමණින් සහ එය නිවැරදි කිරීමට ගෙනා 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී තාර්කික ඡන්ද දායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දය දෙයිද? චමින්ද ලෙනව නම් අයෙක්ද, මෙම ලියුම්කරුද 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා සහන අයද තිබුණ අතර එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රු. ලක්ෂයක සහ රු. ලක්ෂ 5ක  විශාල නඩු ගාස්තුවලට යටත් කර එක් දිනකදීම ප්‍රතික්ෂේප කරන ලදී. එවන් අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 2024 ජූලි 19 දින සහභාගී වෙමින් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් සහ ජනතාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අලුත් සමාජ කතිකාවක් ආරම්භ කළ අතර, එහි පවතින දෝෂයක් ගැන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාවද ඉල්ලා සිටියේය. 2015 වසරේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි

22ට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ඇයි?

22ට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ඇයි? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපති/ පාර්ලිමේන්තු ධූරකාලය වසර 6 ඉක්මවා වෙනුවට 5 ඉක්මවා ලෙස වන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් වීමට ජනමතවිචාරණයකින් අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.) 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා 12ක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුලු 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වේ. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන එම ව්‍යවස්ථා 12 වන්නේ 1,2, 3,6, 7, 8, 9,10,11, 30.2, 62.2 සහ 83 ව්‍යවස්ථා ය. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 172ක් ඇති හෙයින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය නොවන ව්‍යවස්ථා 160ක් (172-12=160) වන අතර, එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් අවස්ථාවල එකී ව්‍යවස්ථා 160 අතරින් ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි? 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා 12ක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුලු 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වේ. 2. එකී ව්‍යවස්ථා 12 වන්නේ 1,2, 3,6, 7, 8, 9,10,11, 30.2, 62.2 සහ 83 ව්‍යවස්ථා ය. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 172ක් ඇති හෙයින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය නොවන ව්‍යවස්ථා 160ක් (172-12=160) වන අතර එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් අවස්ථාවල එකී ව්‍යවස්ථා 160 අතරින් ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථාවකට සම්බන්ධ කරමින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු සංශෝධනය කළ යුතු බවට නියම කරයි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව (ජනාධිපතිවරයාට පාර්ලිමේ