Skip to main content

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය" එළිදැක්වීම 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා...

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය" එළිදැක්වීම 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා...
“ මම සහ තවත් අයෙක් 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 2024 ජූලි 09 දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරා සහන අයද තිබුණ අතර එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශාල නඩු ගාස්තුවලට යටත් කර මුල් දිනයේම ප්‍රතික්ෂේප කරන ලද තත්ත්වයකදී සහ එකී ප්‍රතික්ෂේප කිරීම් වලින් දින කිහිපයකට පසුව එනම් 2024 ජූලි 19 දින, 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී පැවති අතපසුවීමක් ගැන ජනතාවගේ අවධානය යොමු කරමින් ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ ඉහළ රජයේ නිලධාරීන් සහ ජනතාව සහභාගී වූ උත්සවයකදී රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන ජනාධිපතිවරයා විසින් අදහස් පළකිරීමත් එය නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම ඉතා වැදගත් නෛතික සිදුවීම් වෙයි. එවන් පසුබිමක මා විසින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8) කෘතිය සංග්‍රහය කර ඇත. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය හිමි ජනතාවගේද අයිතිවාසිකමක් බවට නීතිමය කතිකාවක් ඇති කිරීමට මෙම කෘතිය මගින් පරිච්ඡේද 9 ක් යටතේ මාතෘකා දක්වා ඇත. මෙම කෘතිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම, අධිකරණ තීරණ අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය, 2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කළ ආකාරය සහ එයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7දෙනාගේ තීරණය, 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ එයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3දෙනාගේ තීරණය, පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය ඇතුළු තවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය නොමැති බවට සරණාගතයන් ලෙස විදෙස් රටවලට ගොස් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීම වැළැක්වීම, ජිනීවා මානව හිමිකම් සැසිවලදී ශ්‍රී ලංකාවේ ගෞරවය සහ අභිමානය අහිමි කරවීම වැළැක්වීම සහ නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම සදහා “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පිහිටුවීම අවශ්‍ය බවත් සුදුසු බවත් බොහෝ දෙනෙකු අදහස් කරන හෙයින්, ශ්‍රේෂ්ඨාධිකරණය මුල් අවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් නියෝග කරන දණ්ඩන, බන්ධනාගාරගත කිරීම්, දඩ සහ නඩු ගාස්තු සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන තැනැත්තන්ට අභියාචනා කිරීමට “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පිහිටුවීමට කර්තෘ විසින් ජනාධිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට සහ නීතිපතිවරයාට කරන ලද ඉල්ලීම පිළිබද කරුණු ඇතුළත් පර්ච්ඡේදයක්ද දක්වා ඇත. ශ්‍රී ලංකා ජනරජයේ ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍යය අත්හළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී අතපසුවීමක් වී ඇති බව ජනාධිපතිවරයා විසින් 2024.07.19 දින ගාල්ලේදී කළ ප්‍රකාශයේ දැක්වෙන අතපසුවීම සුලු අතපසුවීමක් නොවේ. එය බරපතල අතපසුවීමකි. එමෙන්ම එය පවතින නීතිමය දෝෂයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වරදකි. එය නොතකා සිටීම කළ නොහැකිය. එය නිවැරදි කිරීම කළ යුුතුය.එය නිවැරදි කළ හැක්කේ ජනාධිපතිවරයා විසින් ජනතාවගෙන් සමාව ගැනීමෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පළ කිරීමෙන් පමණක් නොවේ. ඒ සම්බන්ධයෙන් නීතිමය හැදෑරීමකට මෙම කෘතිය සහාය දක්වනු ඇත. මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා සවස 2.30 සිට 4.30 දක්වා, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවැත්වේ. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතිඥ දුරකථන 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...