22ට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ඇයි?
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපති/ පාර්ලිමේන්තු ධූරකාලය වසර 6 ඉක්මවා වෙනුවට 5 ඉක්මවා ලෙස වන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් වීමට ජනමතවිචාරණයකින් අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.)
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා 12ක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුලු 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වේ.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන එම ව්‍යවස්ථා 12 වන්නේ 1,2, 3,6, 7, 8, 9,10,11, 30.2, 62.2 සහ 83 ව්‍යවස්ථා ය.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 172ක් ඇති හෙයින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය නොවන ව්‍යවස්ථා 160ක් (172-12=160) වන අතර, එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් අවස්ථාවල එකී ව්‍යවස්ථා 160 අතරින් ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථාවකට/ ව්‍යවස්ථා කිහිපයකට සම්බන්ධ කරමින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු සංශෝධනය කළ යුතු බවට නියම කරයි.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව (ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම වසරකින් පසු කිරීමට හැකි වූ ව්‍යවස්ථාව) එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ කරමින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් ( අගවිනිසුරු සරත් එන්. සිල්වා, වඩුගොඩපිටිය වි., ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක වි, ඉස්මයිල් වි., එදිරිසූරිය වි., ජේ.ඒ.එන්.ද. සිල්වා වි.) ඒකමතිකව තීරණය කර තිබූ ව්‍යවස්ථාවකි. ( බලන්න - 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය - SC/SD/11/2002 - SC/SD/40/2002)
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාවේ දැක්වෙයි.
6. වර්තමානයේ ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සහ 70.1 අනුව්‍යවස්ථා දෙස බැලීමේදී ඒවා මුල් අනුව්‍යවස්ථාවලින් සංශෝධනය වී ඇති අතර, ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කළ නොහැකි 83 ව්‍යවස්ථාවේ දැක්වෙන
එම ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කිරීමට මේ වනවිට පාර්ලිමේන්තුව කටයුතු කර ඇත.
7.ජනාධිපති / පාර්ලිමේන්තු ධූරකාලය වසර 6 සිට වසර 5 ලෙස ජනමතවිචාරණයක් නැතිව සංශෝධනය වී ඇති තත්ත්වයක් තුළ එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ව්‍යවස්ථාවේ දැක්වෙන 30.2 සහ 62.2 ව්‍යවස්ථා දැනටමත් සංශෝධනය වී ඇති හෙයින් ජනාධිපති / පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 ඉක්මවා වෙනුවට වසර 5 ඉක්මවා ලෙස සංශෝධනය කරන්න ජනමතවිචාරණයක් මොකටද යන්න ඉහත කාරණා අනුව විමසිය යුතු ප්‍රශ්නයකි.
8. 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විධිවිධාන දක්වා ඇති හෙයින් මීට පෙර 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා 3ක් ( 3වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 70.1 සහ 30.2 සහ 62.2 ව්‍යවස්ථා) සංශෝධනය කිරීම ජනමතවිචාරණයක් නොමැතිව කරගැනීමට පාර්ලිමේන්තුව විසින් ක්‍රියා කර ඇති පූර්වාදර්ශයක් දැනටමත් ඇති හෙයින්, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එනම් ජනාධිපති / පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 ඉක්මවා වෙනුවට වසර 5 ඉක්මවා ලෙස සංශෝධනය ජනමතවිචාරණයක් නොමැතිව කර ගැනීමට හැකි විය යුතුය.
9. මෙවන් තත්ත්වයක් තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ
2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කිරීමට ජනාධිපතිවරයාට හදිසියක් තිබුණද පාර්ලිමේන්තුවට පළමුවර කියවීමට ඉදිරිපත් කිරීමට හදිසියක් නැති බවත් පෙනී යන අතර, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ සළකා බැලීමද මේ දක්වා කළ නොහැකි වී ඇත.
10. ජනතාවගේ පරමාධිපත්‍යය සහ ජනමතවිචාරණ ඡන්ද අයිතිය/ බලය ආරක්ෂා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානම ව්‍යවස්ථාව වන 83 ව්‍යවස්ථාව මේ ආකාරයට ජනතාවගෙන් ඈත් වී යාම සිදුවුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයද, නීතියේ පාලනයද යන්න විමසිය යුතු කරුණක් බවද අවසානයේ සටහන් කර තබමි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2024.08.10)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment