විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම...
මෙහිදී විනිසුරුවරයා විසින්
1. වැරදි කායික ක්‍රියාවකින් තීරණය ලබාදීම
2. වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දිම
යන ආකාර 2 අදාලව සළකා බලා ඇත.
විනිසුරු වැරදි කායික ක්‍රියාවක් කර නඩුවේ තීරණය දීම (උදා: නඩුවේ සටහන්, සාක්ෂි, ලේඛන සිය තනි අභිමතයට වෙනස් කිරීම, තනි අභිමතයට සහ හරස් ප්‍රශ්නවලට ලක්නොකර සාක්ෂි ඇතුළත් කිරීම, නඩුවේ පාර්ශවයක් වී තිබියදී සහ නඩුවේ තීරණය දීමට පාර්ශවයක් විරුද්ධ වී තිබියදී තීන්දුව ලබා දිම....)
සහ
විනිසුරු වැරදි නීතිමය ක්‍රියාවක් කර නඩුවේ තීරණය ලබා දීම (උදා: සිද්ධිය, සාක්ෂි සහ නීතිය වැරදි ලෙස ගැලපීම, ඉදිරිපත් කරුණු මත වැරදි නීතිමය නිගමන වලට එළඹීම, වැදගත් කරුණු නොසලකා සිටීම, පක්ෂපාතීවීම, නිසි ක්‍රියාදාමය අනුගමනය නොකිරීම, දෙපාර්ශවයට සවන් නොදීම,....) වෙනස් තත්ත්වයන් ය.
පළමු ක්‍රියාවේදී විනිසුරු චේතනාවෙන් වරදක් කරන තත්ත්වයට පත්විය හැකි අතර, දෙවන ක්‍රියාවේදී විනිසුරු චේතනාවෙන් වරදක් කරන තත්ත්වයට පත් නොවේ.
මේ අවස්ථා දෙකම අභියාචනයේදී පෙන්වා දිය හැකි අතර අභියාචනා කිරීමේ නෛතික පටිපාටිය අනුගමනය කරමින් සහන ලබා ගත හැකිය.
එසේම පළමු ක්‍රියාව ඒ විනිසුරුගේ විනය සම්බන්ධ ක්‍රියාවලියකටද යටත් විය හැකි අතර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීතිමය ප්‍රතිපාදන ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.04.02)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment