2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5....!
1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.
2. සරත් එන්. සිල්වා අගවිනිසුරුගේ බලපෑම මත අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම 2009 සිට නතර කර ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය නැවත අධිකරණ භාෂාවෙන් ලබා දීම ආරම්භ කිරීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට/ කථානායකවරයා වෙත යොමු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරවීමට පියවර ගැනීම.
4. උසස් පෙළ සිසුන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාරිභෝගික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, නවකවදය සම්බන්ධ නීති කරුණු ඇතුළත් "මූලික නීතිය විෂය" අනිවාර්යය විෂයක් ලෙස හඳුන්වා දීම.
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරදි 2ක් නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළකර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරැදි නිවැරදි කිරීම.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.10)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment