දිනමිණ (18/06/2025 පිටුව 23)
28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන
හඳපාන්ගොඩදී
දිනමිණ (18/06/2025 පිටුව 23) 28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන හඳපාන්ගොඩදී
'ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ 22 නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය' මැයෙන් සංවිධාන කරන නීති අධ්‍යාපන වැඩසටහනක් මේ 21 වැනිදා පෙරවරු 9 සිට කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවැත්වේ.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙය මෙහෙය වන අතර, නොමිලේ පැවැත්වෙන නීති අධ්‍යාපන වැඩසටහනේ 28 වැනි වැඩසටහන ද මෙයයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ පවතින ජනාධිපති ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරූ අවස්ථාවල ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම වූ අතර, ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාල අදාළව සාවුරුද්ද පස් අවුරුද්දක් ලෙස සංශෝධනය කිරීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයකින් පළ කර ඇත. එය නීතියක් නොවුණොත් සිදු වන දෑ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මේ වැඩසටහනට නීති සටහන්ද දෙන අතර, සහභාගි වන්නන්ට කලින් ආසන වෙන් කර ගැනීමට ද හැකියාව ඇති බව සංවිධායකවරු පවසති.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අඅධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...
Comments
Post a Comment