Skip to main content

තරාතිරම නොබලා බලවතුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙද්දී ගැසට් කළ "22" නිසා තහවුරු වන හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා විසින් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණ වැරදි සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වෙයිද?

තරාතිරම නොබලා බලවතුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙද්දී ගැසට් කළ "22" නිසා තහවුරු වන හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා විසින් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණ වැරදි සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වෙයිද?
2/3ට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී බලයක් ඇති මාළිමා ආණ්ඩුව විසින් තරාතිරම නොබලා වැරදි කළ බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, 2024.07.18 දිනට පෙර ජනාධිපති ධූර කාලය වසර 5ක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම නිවැරදි නොවන බව 2024.07.18 දින නිකුත් කළ ගසට් පත්‍රයේ පළවූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා තහවුරු වෙද්දී හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතාට එරෙහිවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථනිරූපණය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙයිද යන්න පිළිබ‍ඳ විද්වතුන් අතර සාකච්ඡාවක් පවතී. සිය ධූර කාලය තුළදී කරන ලද නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විශ්‍රාම යාමෙන් පසු නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනාධිපතිවරුන්ට එරෙහිව පමණක් නොවේ. එය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන 3ටම අදාල විය යුතුය. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා තිබීමත්, පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවද, පරමාධිපත්‍යයට විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය පමණක් නොව මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව දක්වා තිබීම ධූර දරන්නන්ගේ වෘත්තීය වගවීම,වගකීම, යුතුකම ව්‍යාප්තියේ තරම දක්වයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට, හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිය, ජනාධිපති ධූර කාලය වසර 5ක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථනිරූපණය කළ බව 2024.07.18 දින නිකුත් කළ ගසට් පත්‍රයේ පළ කරන ලද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා තහවුරු වෙද්දී හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතාට එරෙහිවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව අර්ථනිරූපණය නොකිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට 2/3 වඩා වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී බලයක් සහිත මාළිමාව ආණ්ඩුවට හැකි වෙයිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරයි. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිගේ අනුමැතියෙන් 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කර ජනාධිපති ධූර කාලය සම්බන්ධව ඇති සාවුරුද්ද/6 යන්න පස් අවුරුද්ද/5 ලෙස සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඇත. (මෙම පනත් කෙටුම්පතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් ඇත. ඒ මුල් ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම්ද පවතින හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 23වන ව්‍යවස්ථා ඇසුරෙන් එය දීර්ඝව සාකච්ඡා කළ යුතු වේ. මෙම ලිපියෙන් ඒ ගැන සාකච්ඡා කර නැත.) 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ජනාධිපති ධූරකාලය අදාලව වසර 5යන්න මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය වී නැති බවයි. එය එක්තරා නීති විශාරදයෙකුගේ අතපසු වීමක් බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගන්නා බවත් ජනාධිපතිවරයෙකු අධිකරණ සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහභාගී වූ උත්සවයක්දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. ඉන් තවත් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථනිරූපණය කරමින් ජනාධිපති ධූරකාලය අදාලව වසර 5ක් ලෙස හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා විසින් අර්ථනිරූපණය කර ඇති බවයි. ඒ කවර අනාගත බලාපොරොත්තු සහගතවද යන්න විශ්‍රාම යාමත් සමඟ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකාවේ නිත්‍ය නියෝජිත ධූරය ඔහු විසින් ලබා ගැනීමෙන් පමණක් පැවසිය නොහැකිය. ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් අර්ථනිරූපණය කිරීමේදී අණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැරදි කර ඇති බව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හේතුවෙන් කරුණු එළිදරව්වන හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත් වීම් ලබා ගෙන තිබීමද දෛවයේ සරදමකි. හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා තමන් ඉදිරියට ගෙනා ජනාධිපති ධූර කාලය සම්බන්ධ නඩු වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව අර්ථනිරූපණය කළානම් ජනාධිපති ධූරකාලය සම්බන්ධයෙන් වසර 5ක් ලෙස සංශෝධනය කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2024.07.18 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් කිරීමට උවමණා වන්නේ නැත. ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් වරදක් ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දීමට ගිය මෙම ලිපියේ කර්තෘට සහ තවත් අයෙකුට ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම විය. මීට ඉහත අවස්ථාවකදී සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරු විසින් තමන් ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගෙන තිබුණි. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිගේ අනුමැතියෙන් 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සංශෝධනය කර ජනාධිපති ධූර කාලය සම්බන්ධව ඇති සාවුරුද්ද/6 යන්න පස් අවුරුද්ද/5 ලෙස සංශෝධනය කිරීමට යාමෙන් හිටපු අගවිනිසුරුවරයෙකුවන ජයන්ත ජයසූරිය මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය වසර 5ක් බවට අර්ථනිරූපණය කිරීම නිවැරදි නොවන බව තහවුරු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන අතර, නිදහස, සමානත්මතාවය, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරමින් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ජනතාවගේ වරම අනුව එය සම්මත කර ඇති අතර, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා නියම අනුවය. තමන්ගේ අනාගත පෞද්ගලික බලාපොරොත්තු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකර අනුගමනය කිරීමේ ප්‍රතිඥාවද / දිව්රුම් දීමද කඩ කිරීමකි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මෙන්, හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට හේතු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථනිරූපණය කළ හිටපු අගවිනිසුරුවරයෙකු වන ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුව සමත් වෙයිද නොඑසේ නම් වැරදි කළායැයි කියන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ වෙනත් තෝරාගන්නා අරමුණක් හෝ අරමුණු වෙනුවෙන්ද යන්න පැවසීමට තවම කල් වැඩිය. විධායක ජනාධිපති ධූරය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අතරින් එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII වන පරිච්ඡේදයේ 30වන ව්‍යවස්ථාවේ සිට 41වන ව්‍යවස්ථාව දක්වා ඇති ව්‍යවස්ථා අතරින් ජනාධිපති ධූරකාලයට අදාල එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාවට අදාල සංශෝධන පමණක් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කළ යුතු බව සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ඇයි? යන්න පිළිබඳවද විද්වතුන් සාකච්ඡා කළ යුතුය. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 30.2 අනුව්‍යවස්ථාව හැර ජනාධිපති ධූරයට අදාල වෙනත් ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දක්වා නැත. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇති ජනාධිපති ධූරයට අදාල එකම ව්‍යවස්ථාව වන්නේ 30.2 අනුව්‍යවස්ථා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය දැක්වෙන 3වන ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පාලන ආයතනයක් ලෙස විධායකය පැවතීම මිස ජනාධිපති ධූරය සම්බන්ධයෙන් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ආ අනුව්‍යවස්ථාවේ ජනතාව විසින් තෝරා පත්කරගන්නා ජනාධිපති ගැන සඳහන් වුවද එම ව්‍යවස්ථාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවට ඇතුළත් කර නැත. එනම් ජනාධිපති ධූරයට අදාල 30.2 අනුව්‍යවස්ථාව හැර අනෙක් ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව එක එල්ලේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව දක්වන්නේ නැත. මේ සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරයි. ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2024.07.18 දින ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය, ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් කුමන භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද , අධිකරණ තීරණ අනුගම්‍ය පූර්වාදර්ශය ඇතුළු පරිච්ඡේද 10කින් යුත් මෙම ලිපියේ කර්තෘ විසින් සංග්‍රහ කර ඇති 11වන නීති කෘතිය වන "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 දී ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තීරණ අනගම්‍ය පූර්වාදර්ශය" ISBN 978-955-38965-6-8 නීති කෘතියේ තෙවන මුද්‍රණයද සීමිත පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන හෙයින් පිටපතක් ලබා ගැනීමට පාඨකයන්ට ඉල්ලුම් කළ හැකිය. එමෙන්ම ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2024.07.18 දින ගැසට් කළ "22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය සහ "22" ගැසට් කිරීමට හේතු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්ද කළේ කවුද මැයෙන් නීති අධ්‍යාපන වැඩසටහනක් 2025 ජූනි 21 සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 3.00 දක්වා 09, කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවත්වීමට කටයුතු යොදා ඇති අතර ආසන කලින් වෙන්කර ගැනීමටද අවස්ථාව සළසා ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ  නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 2025.06.09

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...