Skip to main content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් බාර දීමට නීතීඥ සංගමයේ සභාපති වෙත ඉල්ලීමක්....

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් බාර දීමට නීතීඥ සංගමයේ සභාපති වෙත ඉල්ලීමක්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් කිරීමට 2025.07.09 දින සිට දින කිහිපයක් ඇතුළත අත්සන් කර ඇත. මෙම ඉල්ලීම 2025 ජූලි මස අවසන් සතියේදී ජනාධිපතිතුමා වෙත බාර දීමට දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට ජනාධිපති ලේකම්තුමා වෙතින් ඉල්ලීමක්ද කර ඇති අතර මෙම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති බවත් යොමු අංකය PS/2025/07/22/63322 බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.07.22 දින දන්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය මගින් දැක්වෙන ආකාරයට ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී ජනමතවිචාරණයක් පැවැත්වීම වළක්වා ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇත්තේ ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී පමණක් ජනමතවිචාරණයක් පැවැත්වීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය මගින් දැක්වෙන ආකාරයට ජනාධිපති ධූරකාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා අඩු කිරීමට හෝ වැඩිකිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකටද ජනමතවිචාරණයක් පැවැත්වීමට නියම කර තිබුණද එය ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිවැරදිව දක්වා නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය මෙසේය. 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය මෙසේය. Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years, නීතීඥවරුන් 209ක් ජනාධිපතිතුමාගෙන් නිවැරදි කිරීමට ඉල්ලන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ පවතින දෝෂය සම්බන්ධ ඉල්ලීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින් ගරු ජනාධිපතිතුමා වෙත බාර දීම සුදුසු වන හෙයන් එසේ ක්‍රියා කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා වෙතින් මෙම ඉල්ලීම කිරීමට මූලිකත්වය ගත් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.07.25)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...