ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ වැරද්ද මැ.කො පිළිගැනීමත් සමඟම අනුර දිසානායක ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයා බවට පත් වී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස 2025 නොවැම්බර් දක්වා ධූර දැරීමේ අවශ්‍යතාවය.. .!
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ වැරද්ද මැ.කො පිළිගැනීමත් සමඟම අනුර දිසානායක ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයා බවට පත් වී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස 2025 නොවැම්බර් දක්වා ධූර දැරීමේ අවශ්‍යතාවය.. .!
1. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් දැනුම් දී ඇති බව " ව්‍යවස්ථාවේ හිලක්, වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි " 2025.08.18 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුව මගින් වාර්තා කර ඇති පුවත මගින් වාර්තා කර ඇත.
බලන්න
(ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි...
ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgk?si=3ujpyUJ1sUPQWkOd
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
ද ලීඩර්
https://theleader.lk/news/34587-2025-08-18-05-01-34
2. චමින්ද ලෙනව නම් අයෙක් සහ මෙම ලිපියේ කර්තෘ 2024 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු පවරමින් ජනාධිපති ධූර කාලය වසර 5ද 6ද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට නෛතික උත්සාහයන් ගනු ලැබීය.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨ ඇසුරෙන් එකී නඩු විමසා ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කර එම නඩු නිෂ්ප්‍රභා කිරීමට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධානත්වය දැරූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පීඨයන් ක්‍රියා කර ඇත.
4. ඉහත 1වන ඡේදය අනුව එනම් 2025 අගෝස්තු 18 දින ලංකාදීප පුවත්පත් වාර්තාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි නොවන බවත් එය නිවැරදි විය යුතුබවට මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය බවත්, ඒ අනුව හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධානත්වය දැරූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පීඨයන් ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු ප්‍රශ්න සහගත වන අතර වැදගත් නෛතික කරුණු නොසළකා ප්‍රමාද දෝෂයකින් සහ වරදවා ලබා දුන් තීන්දු (per incuriam) බවට පත් වෙයි.
5. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා ජනාධිපතිතුමා දැනුවත් කර අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් යොමු කළ ලිපියත් සමඟ අධිකරණ ස්වාධීනත්වය පමණක් නොව නීතියේ පාලනය සහ තිරසර සංවර්ධනය පිළිබද නව මහජන කතිකාවක් විවෘත වෙයි.
6. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ වැරදි තිබියදී ඒ පිළිබද අධිකරණ මනසෙන් ක්‍රියා නොකර විශ්‍රාම යාමෙන් පසු එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වීමේ මතු බලාපොරොත්තු මත හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය ක්‍රියා කර ඇති බව පෙනී යන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ලකරන ලද තර්ජනයක්, යුක්තිය බිඳහෙලීමක්, නීතියට ඇති ප්‍රවේශයට කරන ලද අනිසි බලපෑමක් සහ අනාගත පෞද්ගලික බලාපොරොත්තු මත අගවිනිසුරු ධූරය යොදා ගැනීමක් වෙයි.
7. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 83.(b) ඡේදයේ වැරදි ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය සමඟ ජනාධිපති ලෙස ක්‍රියා කරන අනුර දිසානායක ජනාධිපතිවරණය ජයගත් ජනාධිපති අපේක්ෂකයා බවටත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වන 2025 නොවැම්බර් මස ඔහු විසින් වසර 6කට ජනාධිපති ලෙස ප්‍රතිඥා දිය යුතුවන නෛතික තත්ත්වයක් ඇතිවන අතර 2025 නොවැම්බර් මාසය තෙක් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරාගත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස ක්‍රියා කළයුතු වෙයි.
8. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදයේ වැරද්ද මැතිවරණ කොමිසම පිළිගැනීමත් සමඟම අනුර දිසානායක ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයා බවට පත් වී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස 2025 නොවැම්බර් දක්වා ධූර දැරීම සිදුවිය යුතු වීමේ නෛතික තත්ත්වය / කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන මූලික අයිතිවාසිකම් නඩුවකින් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අපරාධ නඩුවේදී අධිකරණ බලය සම්බන්ධයෙන් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තියේ ප්‍රතිපාදන මත මූලික විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව සහ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ 125වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන මගින් ගැනීමෙන්/ ඉදිරිපත් කිරීමෙන් කළ හැකිය.
9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ අවස්ථාවක් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යෙදීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 79, 80, 83 ,125 වන ව්‍යවස්ථාද ඒ සමඟ 1, 2, 3, 7, 9, 10, 35 වන ව්‍යවස්ථාද ඇතුලු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 134 ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත්වන සියලු නෛතික කරුණුද සළකා බලා මැදිහත්වන සෑම පාර්ශවයකටම ඇහුම්කන්දී සුදුසු අර්ථනිරූපණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර අදාල අධිකරණ බලය සම්බන්ධයෙන් වන මූලික විරෝධතාවය සහ මතුවන නෛතික තත්ත්ව විසඳෙනු ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2025.08.28)
Comments
Post a Comment