ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කිරීමට ජනාධිපති ලේකම් වෙත මැකො යවා ඇති ලිපිය තොරතුරු පනත අනුව ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය අගයන අයගේ යුතුකමද?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කිරීමට ජනාධිපති ලේකම් වෙත මැකො යවා ඇති ලිපිය තොරතුරු පනත අනුව ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය අගයන අයගේ යුතුකමද?
1. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මහජනතාවට තොරතුරු වෙත ප්‍රවේශවීම පිණිස පනවන ලද සක්‍රීය නීතියකි.
2. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොදැක්වෙන හෙයින් එය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ජනාධිපති ලේකම් වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් දැනුම් දී ඇති බව පසුගිය දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පුවත් වාර්තා වී තිබුණි.
3. මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යවනු ලැබූ එම දැනුම් දීමේ පිටපත් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමටද පුරවැසියන් කිහිප දෙනෙකු පියවර ගෙන ඇති බවද දැනගන්නට ලැබී ඇත.
4. 1 ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. b ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දීම අපරාධ නීතිය, සිවිල් නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය, රිට් නඩු නීතිය, මැතිවරණ නීතිය අදාලව පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය, අධිකරණ ස්වාධීනත්වය, තිරසර සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අදාලවද වැදගත් වෙයි.
4.2 මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් වෙත පෙන්වා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ වැරැද්ද ජනාධිපති ධූරකාලයට සහ පාර්ලිමේන්තුව පවත්නා කාලයට සෘජුව සම්බන්ධ වන අතර එය වසර 5 ද 6ද යන ප්‍රශ්නයට අදාල වෙයි.
4.3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදය අර්ථනිරූපණය කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වන අවස්ථාවකදී පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ (Determinations), තීන්දු (Judgements), මත (Opinions) මෙන්ම මැතිවරණ කොමිසම කියා සිටින ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ දෝෂයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීති පැනවීමේ භාෂා විධිවිධානද, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කතානායක සහතිකය යෙදීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23, 79, 80, 83 ,125 වන ව්‍යවස්ථාද ඒ සමඟ 1, 2, 3, 7, 9, 10, 35 වන ව්‍යවස්ථාද ඇතුලු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද සළකා බලන පසුබිමක් සැකසෙන හෙයින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් වෙත යවා ඇති මෙම දැනුම්දීම ශ්‍රී ලංකාවේ නෛතික ක්ෂේත්‍රයට ඉතා වැදගත් වෙයි.
5. මේ සම්බන්ධයෙන් පළවූ පුවත් කිහිපයක් පහත දක්වා ඇත.
ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි... ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
වොයිස් ටියුබ්
https://youtu.be/k5fWmg69_Jg?si=oB4sXNrw6HBHZ8YS
ල්ද ලීඩර්
https://theleader.lk/news/34587-2025-08-18-05-01-34 2.
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? (ලංකාදීප)
https://www.lankadeepa.lk/latest_news/1/1-677971 https://www.divaina.lk/main-news/22720
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක්? කතානායක සහතික නොකරන ඉංග්‍රීසි පනත් භාවිතය. 29වන නීති වැඩසටහන 2025 අගෝස්තු 19 කොළඹ මහජන පුස්තකාලයේදී...
https://youtu.be/-DrN1fkJYAo?si=fTocgCvpaEuYpS8B
6. ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් නොතකා කටයුතු කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 113.අ, ආ, 114, 115, 119 වගන්ති වලින් හඳුන්වාදී ඇති අපරධ වැරදි සංයුක්ත කරන අතර, එයට අදාල කාර්ය පටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 21 වන වගන්තියේ දැක්වෙයි.
7. ඉහත නෛතික කාරණා විමසීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යස්ථාවේ (b) ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස් හෙයින් එය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ජනාධිපති ලේකම් වෙත මැතිවරණ කොමිසම විසින් යවා ඇති ලිපියේ පිටපතක්
2016 අංක 12 දරන තොරතුරු පනත අනුව ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය අගයන අයගේ යුතුකමක් වෙයි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.09.01)
Comments
Post a Comment