"කතානායක සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් සහ කතානායක සහතිකය යොදන පනත් අතර වෙනස්කම් අධ්‍යයනය කරන නීති අධ්‍යාපන වැඩසටහන"
"කතානායක සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් සහ කතානායක සහතිකය යොදන පනත් අතර වෙනස්කම් අධ්‍යයනය කරන
නීති අධ්‍යාපන වැඩසටහන"
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ජනරජයක් බවත් එසේම එහි 23 වන ව්‍යවස්ථාව මගින් නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ භාෂා බවත් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් සමඟ විය යුතු බවත් දක්වා ඇත.
2. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් පළවන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව මගින් සම්මත නොකරන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ලෙස පළවන අතර, කතානායකවරයාට ඒවාට සහතිකය යෙදිය නොහැකි.
3. ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ භාෂා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ වල කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඒ නිසාම "නීති / laws" ලෙස සැළකිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් (Translation) ලෙස පළ කරන පනත් නඩු විභාග කිරීමේදී සහ නඩු තීන්දු, තීරණ ලිවීමේදී අදාල කර ගනී.
4. ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකිව පළ කරන පනත් සහ සිංහල සහ දෙමළ භාෂාවෙන් කතානායකවරයාගේ සහතිකය සහිතව පළ කරන පනත් අතර වෙනස්කම්, නොගැලපීම් සහ ප්‍රතිවිරුද්ධතා පවතී.
5. ඉහත අංක 4 ඡේදයට ඇති හොඳම උදාහරණය ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ලේකම් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 අගෝස්තු මස දැනුම් දීම ගත හැකිය.
6. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය පමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ව්‍යවස්ථා කිහිපයක්ම සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුරූප ව්‍යවස්ථා සමඟ වෙනස්, නොගැලපෙන සහ ප්‍රතිවිරුද්ධතා සහිතය.
7. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත්වලද සිංහල භාෂාවෙන් ඇති අනුරූප පනත් අතර වෙනස්, නොගැලපෙන සහ ප්‍රතිවිරුද්ධතා සහිත අවස්ථා දක්නට ඇත.
8. අවාසනාවන්ත සහ කණගාටුදායක තත්ත්වය වන්නේ වෙනස්, නොගැලපෙන සහ ප්‍රතිවිරුද්ධතා සහිත එමෙන්ම කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන ලෙස පළකර ඇති පනත් "නීති/ laws" නොවුණද ඒවා නීති / laws ලෙස සළකා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුලු අධිකරණ වල නඩු විභාගවලදී සහ නඩු තීන්දු වලදී භාවිතා කරමින් පුරවැසියන්ට සහන ලබා දීම, දඬුවම් නියම කිරීම, අගෞරවයට පත් කිරීම සිඳුකිරීමය.
9. "කතානායක සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පනත් සහ කතානායක සහතිකය යොදන පනත් අතර වෙනස්කම් අධ්‍යයනය කරන නීති අධ්‍යාපන වැඩසටහන" මගින් කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් සහ කතානායකවරයාගේ සහතිකය යොදා ඇති අනුරූප සිංහල භාෂාවෙන් ඇති පනත් අතර පවතින වෙනස්කම් අධ්‍යයනය කර සටහන් කර ගැනීමට ය.
10. කතානායකවරයාට සහතිකය යෙදිය නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් සහ කතානායකවරයාගේ සහතිකය යොදා ඇති අනුරූප සිංහල භාෂාවෙන් ඇති පනත් අතර වෙනස්කම් පවතින බව ඔබ විසින්ද හඳුනාගත හොත්/ නිරීක්ෂණය කළහොත් ඒවාද සටහන් කර ගැනීමට පහත දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2025.09.03)
Comments
Post a Comment